මුස්ලිම්වන් බැහැර කරන මතභේදාත්මක පුරවැසි පනතක් ක්‍රියාත්මක කිරීමට අවසර දෙන නීති රීති ඉන්දියාව ප්‍රකාශයට පත් කර තිබේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් බලයට පත්වීමට අපේක්ෂා කරන ඉන්දියාවේ මහ මැතිවරණයට පෙර ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත්දා මෙම නීති ප්‍රකාශයට පත් කළේය. දැන් රට පුරා නැවත උද්ඝෝෂණ ඇරුඹී ඇත.
මෙම පුරවැසි (සංශෝධන) පනත ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පකිස්ථානයෙන් ඉන්දියාවට එන සංක්‍රමණිකයන් සඳහා ඔවුන් මුස්ලිම් නොවේ නම් වේගවත් පුරවැසිභාවය ලබා දෙයි. මේ මතභේදාත්මක නීතිය හින්දු, සීක්, බෞද්ධ, ජෛන, පාර්සි සහ ක්‍රිස්තියානුවන් ඇතුළු ආගමික සුළුතරයන්ට වාසිසහගතව අදාළ වනු ඇත. නමුත් එය මුස්ලිම්වන්ට බාධකයකි. මුලින් 2019 දී ඉන්දීය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මෙම ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතට එයට අදාළ නීති රීති දැනුම් දෙන තු බලාත්මක විය නොහැකි විය.
එකල ද මෙම පනත් කෙටුම්පතට විද්ධ පක්ෂ විසින් දැඩි ලෙස විරෝධය පළ කරන ලද අතර, එය ව්‍යවස්ථා විරෝධී බවත්, ඒ මගින් ඉන්දියාවේ මිලියන 200ක මුස්ලිම් ජනගහනය කොන් කිරීමකට ලක් කරන බවටත් විවේචන එල්ල විය. බිලියන 1.3 ක ජනතාවක් සිටින ආගමික සහජීවනයක් තිබූ ඉන්දියාවට හින්දු ජාතිකවාදයේ න්‍යාය පත්‍රයක් තල්ලු කර ඇති බවට මෝදිට සහ ඔහුගේ දක්ෂිණාංෂික භාරතීය ජනතා පක්ෂයට දැන් චෝදනා එල්ල වී තිබේ.