ඇමෙරිකාවේද බිත්තර මිල නැවතත් ඉහළ ගොසිනි. රට තුළ කුරුළු උණ පැතිරීම වඩාත් නරක අතට හැරිය හැකිය යන භීතිකාව හේතුවෙන් බිත්තර මිල දැන් මාස ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. මේ වන විට රට පුරා කුකුළු ගොවිපළ දරුණු කුරුළු උණ රෝගයක් සමඟ සටන් වැදි සිටියි.
පසුගිය සතියේ සිට ටෙක්සාස් හි කිරි ගව පට්ටි හතක සහ එළදෙනුන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ එක් පුද්ගලයකුට රෝගය වැළඳී ඇති බව වාර්තා වී ඇත. මෙම කුරුළු උණ රෝගය ප්‍රථම වරට ගවයන් තුළ පැතිර යාමෙන් වඩාත්ම පීඩාවට පත් වූ ප්‍රාන්තය ටෙක්සාස් ප්‍රාන්තයයි.
2023 ජනවාරි මාසයේදී වාර්තාගත ඩොලර් 4.82 සිට පහත වැටී ගොස් ඩොලර් 2ක් පමණ වී තිබූ A ශ්‍රේණියේ විශාල බිත්තර දුසිමක සාමාන්‍ය මිල නවතම පාරිභෝගික මිල දර්ශකයට අනුව පෙබරවාරි මාසයේදී ඩොලර් 3ක්ව ඇත.