2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

තායි භූකම්පාවෙන් තුවාල ලැබූ අය 800 කට වැඩියි!

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

වසර 25කට පසු තායිවානයට බලපෑ ප්‍රබලම භූමිකම්පාව හේතුවෙන් නව දෙනකුට වැඩි පිරිසක් මිය ගොස් 800 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව නවතම වාර්තා කියයි. තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ මෙම රිච්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවෙන් කඩා වැටුණු උමං මාර්ගවල සහ වෙරළ තීරයේ කඳුකර මාර්ගවල පුද්ගලයන් 127 කට වැඩි පිරිසක් සිරවී සිටින බව සඳහන්ය.

භූකම්පනය Hualien නගරයට කිලෝමීටර් 18ක් දකුණින් දුරින් වූ නමුත් කිලෝමීටර් 100කට වඩා ඈතින් පිහිටි තායිපේ අගනුවරට පවා ප්‍රබල කම්පන දැනී තිබේ. භූමිකම්පනය Hualien හි වැඩිම හානියක් සිදු කළ අතර, ගොඩනැගිලි කඩා වැටී, මාර්ග අවහිර වී දුම්රිය මාර්ගවලට බාධා ඇතිව තිබේ. අසල ඇති ජපන් සහ පිලිපීන දූපත්වලටත් මේ නිසා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි. කෙසේ වෙතත් භූමිකම්පනය ඇතිවූ Hualien කඳුකර ප්‍රදේශයක් වන බැවින් එහි සිදුවූ හානිය සහ ජනතාව අනතුරට පත්ව ඇති ආකාරය පිළිබඳව තවමත් දත්ත රැස් කරමින් පවතී. මීට වසර 25කට පෙර 1999 සැප්තැම්බරයේ තායිවානයේ සිදුවූ රිච්ටර් මාපකයේ 7.7ක අගයක් ගත් භූකම්පනයෙන් පුද්ගලයන් 2,400කට ජීවිත අහිමි වූ අතර, තුවාල ලැබූ සංඛ්‍යාව දසදහස ඉක්මවා තිබිණි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00