අප්‍රේල් මස 21 වෙනිදායින් පසුව හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ දේශපාලන පක්ෂය වන තාරික්-ඊ-ඉන්සාෆ් ආධාරකරුවන් අඛණ්ඩව විරෝධතාවයක නිරත වීමට සැලසුම් කර තිබේ.
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා රජයට බල කරමින් සිදුකරන විරෝධතාවය ඉස්ලාමාබාද් හිදී සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර සිය නායකයාගේ නිදහස වෙනුවෙන් මාසයක් පුරාවට වුවත් රට පුරා නගරවල වීදිවල බිම වාඩි වී සිටින්නට පක්ෂ හිතවාදීන් සූදානම් බව ප්‍රකාශකයකු කියා තිබේ. පාකිස්ථානය පුරා තම පක්ෂ ආධාරකරුවන් සිදුකිරීමට සැලසුම් කර තිබෙන විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඊට එරෙහිව ලබා දෙන පිළිතුර ඉතා සැර එකක් වනු ඇති බවටද මෙම ප්‍රකාශකයා අනතුරු අඟවා ඇත.