2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ලොව මුල්ම බලු ගුවන් සේවය වැඩ අරඹයි!

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

සුනඛයන්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට බාධා රහිතව සුව පහසු ගුවන් ගමනකට එක්වීමේ හැකියාව ලබා දීම සඳහා කැපවුණු ලොව මුල්ම බලු ගුවන් සේවය වැඩ අරඹා තිබේ.

මේ අනුව අමෙරිකානු සමාගමක් වන BARK නමැති ආයතනය එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයන් සඳහාම වෙන්වුණු නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට නියමිතව ඇත. කෙසේ වෙතත්, මේ සුනඛ හිතකාමී ගුවන් ගමන සඳහා විශාල ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇතැයිද සඳහන් වේ. ඒ අනුව දැනට, එක් සුනඛයකුට සහ එක් මිනිසකු සඳහා ප්‍රවේශ පත්‍රයක් අවම වශයෙන් ඩොලර් 6,000ක් වනු ඇති බව කියයි. 

නිව් යෝර්ක් හි සිට පිටත් වන පළමු ගුවන් ගමන් සඳහා BARK Air වෙබ් අඩවිය ඔස්සේ අසුන් වෙන් කරවා ගැනීමේ පහසුකමද මේ වන විටත් ලබා දී ඇත.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00