ලෝක් සභාවට සභිකයන් 543ක් තෝරා පත්කර ගැනීම සඳහා ඉන්දීය ඉතිහාසයේ මෙතෙක් වාර්තාගත විශාලතම මැතිවරණය දැන් ඇරැඹී තිබේ. 1951-52 ඉන්දීය මහ මැතිවරණයට පමණක් දෙවැනි වන මෙය 2019 ඉන්දීය මහ මැතිවරණයද අභිබවා දින 44ක් පුරා පැවැත්වීමට නියමිතය. ඡන්ද ප්‍රතිඵල දැනගන්නට ලැබෙනු ඇත්තේ 2024 ජූනි 4 වැනි දිනය.
සිය දෙවැනි ධූර කාලය සම්පූර්ණ කළ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි පිට පිට තුන්වැනි ධූර කාලයක් සඳහාද තරග වැදී සිටියි. බිලියන 1.4 ක ජනගහනයකින් ආසන්න වශයෙන් මිලියන 970ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. ආන්ද්‍රා ප්‍රදේශ්, අරුනාචල් ප්‍රදේශ්, ඔඩීෂා සහ සිකිම් ප්‍රාන්තවල ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා මැතිවරණයද මහ මැතිවරණයට සමගාමීව, ව්‍යවස්ථාදායක සභා 12ක ආසන 25ක් සඳහා වන අතුරු මැතිවරණයද පැවැත්වීමට නියමිතය. අගැති මෝදි මේ තරගයේ මුල් තැන දරන අතර, ඔහුගේ නියෝජ්‍ය සහායකයා ලෙස අමිත් ෂා කැපී පෙනෙයි. සන්ධානගත ප්‍රධාන විපක්ෂයේ තරගකාරී භූමිකාව හිමිව ඇත්තේ කොංග්රස් පක්ෂයේ රාහුල් ගාන්ධි හටය. නේරු-ගාන්ධි රාජවංශයේ මාතෘවරිය වන රාහුල්ගේ මව සෝනියා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවේ.
භාරතීය ජනතා පක්ෂය ප්‍රධාන වශයෙන් සිය සහාය ලබාගන්නේ රටේ බිලියන 1.42 ක ජනගහනයෙන් 80% ක් වන හින්දුවරුන්ගෙනි. ඔවුන් වෙනුවෙන් මතභේදයට තුඩු දී ඇති ස්ථානයක මහා හින්දු කෝවිලක් ගොඩනැගීම මගින් සිය පක්ෂයේ ප්‍රධාන පොරොන්දුවක් මේ වසර මුලදී මෝදි විසින් ඉටු කරන ලදී. විපක්ෂය ලෙස ඉදිරිපත් වන "ඉන්දියා" සන්ධානය, බොහෝ දුරට අසමාන පක්ෂ දුසිම් දෙකකට වඩා වැඩි මධ්‍ය-වාම කණ්ඩායමක් වන අතර, රටේ ප්රජාතන්ත්රවාදී සැකැස්ම සුරුකීමට, එහි ආන්තික ප්‍රජාවන් රුක ගැනීමට, ගොවීන්ගේ බෝග මිල ඉහළ නැංවීමට සහ තරුණ පෙළට රුකියා උත්පාදනය කර දීම සඳහා තමන්ට ජයග්‍රහණය අත්‍යවශ්‍ය බව පවසයි.
මේ මැතිවරණය දිගු හා වියදම් අධික ව්‍යාපෘතියකි. ඡන්දය ප්‍රකාශ කිරීම අප්‍රේල් 19 වැනි දින ආරම්භ විය. එය සති හයක් පුරා අනුක්‍රමික අදියර හතකින් පැවැත්වේ. ඒ අනුව ජූනි 4 වැනි දින ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරේ. ඉන්දියාව අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2019 දීය. ඒ හා සමානව, මෙම වසරේ මැතිවරණයද පැවැත්වේ. මෙහිදී ඉලෙක්ට්‍රොනික ඡන්ද යන්ත්‍ර හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට සහාය වන ඡන්ද මධ්‍යස්ථාන මිලියනයකට අධික සංඛ්‍යාවක් සමඟ රට පුරා පිහිටුවා ඇති මිලියන 15කට ආසන්න ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් යොදා ගනු ඇත. ඒ අනුව ඩොලර් බිලියන 8.5ක් වැය වූ 2019 මැතිවරණය ලොව මිල අධිකම මැතිවරණය ලෙස ඇතැම් ඇස්තමේන්තුවලට අනුව පෙනී ගියද, මෙවර ඡන්දය එම සංඛ්‍යාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.