ලොව වැඩිම කාලයක් සම්මුඛ සාකච්ඡාවක් අඛණ්ඩව පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට නයිජීරියාවේ යූටියුබ් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ක්ලේරා චිසෝබා සමත්ව තිබේ. ‘ටෝක් ෂෝ‘ නමැති යූටියුබ් වැඩසටහන මෙහෙයවන ඇය අඛණ්ඩව පැය 55ක කාලයක් එරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළු නිළියන් ඇතුළු ප්‍රකට පුද්ගලයන් 90 දෙනකු සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් එම වාර්තාව පිහිටුවා ඇත.
සිය වාර්තාගත සම්මුඛ සාකච්ඡාව අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට, ඇඳුම් පැළඳුම් වෙනස් කිරීමට සහ ශරීර කෘත්‍ය සඳහා එම කාලය භාවිත කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. 2022 වසරේදී පැය 37කුත්, මිනිත්තු 44ක කාලයක් අඛණ්ඩව සම්මුඛ සාකච්ඡා පවත්වමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇමෙරිකාවේ රොබ් ඔලිවර් නමැති පුද්ගලයෙකි.