2024 මැයි 11 වන සෙනසුරාදා

අටමස් දරු ගැබක් දරා සිටින සැමියෙක්!

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 157

පිරිමියකුට දරු ගැබක් පිහිටීම විද්‍යාව දියුණු මේ කාලයේදීත් මහා අරුම පුදුම සිදුවීමක් ලෙස ගිනස් වාර්තා ගත විය යුත්තකි. නමුත් කොලොම්බියාවේ Esteban Landrau නමැත්තා අටමස් දරු ගැබක් දරා සිටින සැමියෙක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ඇති ආරංචිය දැන් අබුද්දස්ස කාලේ විපරීතයක් ලෙස පමණක් පිළිගැනීමට ලක්ව තිබේ.

මේ වනවිට පිරිමියෙක් බවට පත්ව සිටින සංක්‍රාන්ති ලිංගිකයකු වන Esteban Landrau,    පිරිමියකු ලෙස උපත ලබා මේ වෙද්දී කාන්තාවක් ලෙස ජීවත් වෙන Danna Sultana නමැති කොලොම්බියානු නිරෑපිකාවගේ සැමියා වන නමුදු මේ දෙදෙනාගේ සමීප ආදර සම්බන්ධය නිසා සැබෑ ලෙසටම කාන්තාවක වන “සැමියා” ස්වභාවධර්මයට අනුකූලව ගැබ්ගෙන තිබේ. ඔවුන් සිය සංක්‍රාන්තිය තුළදී ශල්‍යකර්ම මගින් සිය උත්පත්ති ලිංග  දායාද අත්නොහැරීම මේ අලකලංචියට හේතුව වී ඇති බව වාර්තා වේ.  කෙසේ වුවද මේ වනවිට ඉන්ස්ටග්‍රෑම් ප්‍රමුඛ සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ආදරය සහ සමාජයට ඔරොත්තු දීමේ හැකියාව‌ මෙන්ම ඔවුන්ගේ නිර්භීතකම අගය කරමින් ඉහළ ප්‍රසාදයක් පළ වී ඇත.