ඇමෙරිකාවේ මෙන්ම ලෝකයේද අවධානය එරට ජනාධිපතිවරණය දෙස යොමුව ඇති සමයක අමුතු පන්නයේ අනාවැකියක් එළිදැක තිබේ. සාමාන්‍යයෙන් ඇමෙරිකානු පොදු ජනයාගේ හදවතට සමීප “නියම අන්කල් සෑම්” පන්නයේ අපේක්ෂකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ජනාධිපතිවරණය ජය ගන්නා බවට බොහෝ පූර්ව අනාවැකි පළ වී ඇතත් දැන් එයට වඩා අමුතු අනාවැකියක් එළිදැක තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් “නොස්ත්රදාමූස්” ලෙස නම් දරා සිටින ඒ ගැන අනාවැකි කියන ඇලන් ලිච්ට්මන්, නමැත්තා පෙන්වා දී ඇත්තේ වත්මන් ජනාධිපති ජෝ බයිඩෙන් නැවත පත්වීමේ ඉහළ හැකියාවක් තවම පවතින බවය.
මේ වනවිට බයිඩෙන් මහතාට වැරැදීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවත්, එසේ වීමට නම් තව බොහෝ වැරැදි අඩුපාඩු සිදුවිය යුතුව ඇති බවත් ඔහු කියා තිබේ.
මේ වනවිට ඇමෙරිකාව තුළ මෙන්ම ලොව බොහෝ රටවල් පුරා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත පත්විය හැකිය යන පිළිගැනීමට මුල් තැන ලැබී තිබේ.
මෑතක දී රොයිටර්ස්/ ඉප්සෝස් ආයතන සිදු කළ පූර්ව ඡන්ද සමීක්ෂණයකින් පෙන්නුම් කරන පරිදි, ජනාධිපති බයිඩෙන් හා සසඳන විට එක්සත් ජනපද ඡන්දදායකයෝ ට්‍රම්ප් ආර්ථිකයට වඩාත් හිතකර නායකයකු ලෙස සලකති. මෙම තෙදින මත විමසුමේදී, සහභාගි වූවන්ගෙන් සියයට 41 ක් බයිඩෙන්ට වඩා ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රවේශයට කැමති වූ අතර සියයට 34 ක් බිඩෙන්ට පක්ෂව සිටියහ. ඉතිරිය එක්කෝ අවිනිශ්චිතභාවය ප්‍රකාශ කර හෝ කිසිදු අපේක්ෂකයකුට ඉහළ ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.
ඇලන් ලිච්ට්මන් කියන්නේ මෙවන් පූර්ව ඡන්ද විමසීම් ප්‍රතිඵල බොහෝ විට පසුව උඩුයටිකුරැ වන හෙයින් ඒවා ගැන විශ්වාසය තැබිය නොහැකි බවය. ඇලන් ලිච්ට්මන්, 1984 සිට ඇමෙරිකානු ජනාධිපතිවරණ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ පූර්ව අනාවැකි 10න් 9ක්ම පසුව සනාථ විය. 1984 ඔහු රොනල්ඩ් රිගන් මහතා නැවත පත්වන බව නිවැරුදිව කියා තිබූ අතර එතැන් සිට 2010 තෙක් ඔහු කී අනාවැකි සත්‍ය වී තිබුණි.