2024 මැයි 18 වන සෙනසුරාදා

කසකස්ථානය කැළඹූ ඝාතනය

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 160

කසකස්ථානයේ හිටපු ආර්ථික ඇමැතිවරයකුට වසර 24 ක සිරදඬුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇත. මේ දඬුවම ඔහුගේ බිරිඳට වධ හිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙනි. 

පසුගිය සති හත පුරා සජීවීව විකාශය වූ එරට කැළඹූ ඔහුගේ නඩු විභාගයෙන් පසු  හිටපු ඇමැති 44 හැවිරිදි Kuandyk Bishimbayev වරදකරු බවට තීන්දු කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සඳුදා දඬුවම් නියම කරන ලදී. නඩු විභාගය අතරතුර ප්‍රචාරය කළ වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ බිෂිම්බයෙව් ඔහුගේ බිරිඳ වන 31 හැවිරිදි සල්ටනාට් නුකෙනෝවාට නැවත නැවතත් පයින් පහර දෙන ආකාරයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ කසකස්ථානයේ ගෘහස්ත හිංසනයෙන් වසරකට කාන්තාවන් 400 ක් පමණ මිය යන නමුත් ඒ බොහෝ සිද්ධීන් පිටතට වාර්තා නොවන බවයි.

කාන්තාවන් සඳහා වැඩිදියුණු කළ අයිතිවාසිකම් ඇතුළු සාධාරණ සමාජයක් ගොඩනැගීමට තමාට අවශ්‍ය බව එරට ජනාධිපති Kassym-Jomart Tokayev පවසා තිබුණි. රට පුරා දැඩි අවධානයට ලක්ව තිබූ මෙ නඩුවට ලද මේ තීන්දුව කාන්තාවන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා වූ එරට ජනාධිපතිගේ පොරොන්දුව තහවුරු කිරීමක් ලෙස බොහෝ දෙනා සලකති.