2024 ජුනි 01 වන සෙනසුරාදා

ඉන්දියාවේ පාකිස්ථානයේ උණුසුම අංශක 50ත් පනී!

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 50 පන්නා මනුෂ්‍ය ජීවිතවලට තර්ජනාත්මක වන මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශයේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බවත් ඒ අනුව රාජස්ථානයේ චුරු සහ හර්යානා සර්සා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් ඇති බවත් වාර්තා විය. දිල්ලි නුවර කාලගුණ මධ්‍යස්ථාන තුනක උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 49ක් හෝ ඊට වැඩියෙන් වාර්තා වී ඇත. දිල්ලි හි මුංගේෂ්පූර් සහ නරේලා අංශක 49.9 ක්ද, නජාෆ්ගාර්හි සෙල්සියස් අංශක 49.8 ක්ද වාර්තා වූ බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා තිබුණි.

මේ අතර වසර 60ක පමණ කාලයකින් පසු පාකිස්ථානයෙන් වාර්තා වී ඇති වැසි අධිකම අප්‍රේල් මාසය වූ ඉකුත් අප්‍රේල් මාසයෙන් පසු එරට උෂ්ණත්වය මෙම දිනවල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා විය. පාකිස්ථානයේ සින්ඩ් ප්‍රාන්තයේ උෂ්ණත්වය (27දා) සෙල්සියස් අංශක 52ක් දක්වා (ෆැරන්හයිට් අංශක 125.6) වාර්තාගත අයුරින් ඉහළ ගොස් තිබුණි. පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පන්ජාබ් ප්‍රාන්තයේ පාසල් වසා දමා ඇති අතර ඒ හේතුවෙන් ප්‍රාන්තයේ මිලියන 26ක් පමණ වන දරුවන්ට නිවෙස්වලට වී සිටීමට සිදුව තිබුණි.