අයිස්ලන්තයේ මුහුදුබඩ Grindavik නගරයෙන් පිටත පිහිටි ගිනි කන්දක් නැවතත් පුපුරා ගොස් ඇත. මේ කන්දෙන් අඩි 160 කට වඩා අහස උසට ලාවා ප්‍රහාරය විහිදී තිබුණි.
නගරය අද්දර විසිර ගිය මේ මහා ගිනි ජාලාව හේතුවෙන් නගරය සහ එහි ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන Blue Lagoon නිකේතනයේ සිටි පිරිස ඉවත් කිරීමට සිදුව තිබුණි. අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලයට (IMO) අනුව, මෙම පුපුරා යාම ආරම්භ වූ විට සැතපුම් 2.1 කට වඩා දිගට වර්ධනය වෙමින් පැතිරෙමින් විවෘත වූ දැවැන්ත විවරයකින් ලාවා අඩි 160 කට වඩා වැඩි දුරක් වාතයට පුපුරා ගොස් තිබේ. IMO පැවසුවේ ලාවා තත්ත්පරයට ඝන අඩි 52,000 ත් 70,600 ත් අතර ප්‍රමාණයක් ගලා යන බවත් ග්‍රින්ඩාවික් හි බටහිර දෙසින් ඇති ආරක්ෂක බිත්ති වෙත ද ලාවා ගඟ ළඟා වූ බවත්ය.