ලෝකය තුළ ඉදිරියේ දී ඇතිවීමට නියමිත රොබෝ සේවක ඉල්ලුම සපුරා ලන්නට චීනය දැනටමත් පෙරමුණ ගෙන සිටියි.
චීනයේ, ඩේලියන් හි Ex-Robots ආයතනය මේ වන විටද මානවරෑපී රොබෝවරුන් නිෂ්පාදනයේ පෙරමුණ ගෙන සිටියි.
මේ අනුව නුදුරු අනාගතයේදීම ලොව පුරා රුකියා ස්ථානයන්හි සැබෑ මිනිසුන් වෙනුවට අවශ්‍ය වන හියුමනොයිඩ් රොබෝවන් සැපයීමට චීනයට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පීපල්ස් ඩේලි ඔන්ලයින් හි පර් යේෂණ ආයතනය විසින් නොවැම්බරයේ නිකුත් කළ වාර්තාවකට අනුව, චීනය දැනට පේටන්ට් බලපත්‍ර 1,699 ක් සහිතව ජපානයට පමණක් දෙවැනි වන මානවරෑපී රොබෝ නිෂ්පාදනයන්හි විශාලතම හිමිකරු වේ. මෑතකදී, දිනකට රෝගීන් 3,000 කට වඩා ප්‍රතිකාර කළ හැකි රොබෝ වෛද්‍යවරුන් සහිත ලොව ප්‍රථම AI රෝහල ද චීනය විසින් එළිදක්වා තිබුණි. එක්සත් ජනපදය සහ බටහිර රටවල් සමඟ පවතින චීනයේ දරුණු තාක්ෂණික යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මේ නිර්මාණ එළිදැක්වී ඇත.
මෙම චීන රොබෝවන් කෙතරම් සූක්ෂමව නිපදවා ඇත්තේද යත් ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් වැනි අතීතයේ සිටි ජනප්‍රිය පුද්ගලයන් බවට පරිවර්තනය වීමට පවා මේ රොබෝවරුන්ට හැකිය.
ඇදහිය නොහැකි තරම් ජීවමාන ලෙස පෙනෙන මේ රොබෝවරුන්ට විවිධ චලනයන් කිරීමට තම දෑත් භාවිත කළ හැකි බැවින් නිතිපතා මිනිස් ක්‍රියාකාරකම් පහසුවෙන් කිරීමටද හැකි වේ. මෙම හියුමනොයිඩ්ස් නම්‍යශීලී මානව ක්‍රියාකාරක දුසිම් ගණනකින් සමන්විත වන අතර එමගින් ඔවුන්ට මිනිසුන් මෙන් චලනය වීමට සහ ඔවුන්ගේ අත්වලට සමානව ග්‍රහණය කිරීමේ හැකියාව ඇත.
මේ ජීවමාන සදිසි රොබෝවරුන් සෑදී ඇත්තේ මුහුණේ ඉරියව් සැපයීම සඳහා ලෝහමය ඩ්‍රොයිඩ් මත සවි කර ඇති සිලිකන් වෙස් මුහුණු භාවිත කරමිනි. පූර්ණව නිම කරන ලද ඩ්‍රොයිඩ් 30 කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ කෞතුකාගාරයේ ඇති අතර තවත් සිය ගණනක් මේ වනවිට කර්මාන්ත ශාලාවේ සංවර්ධනය වෙමින් පවතී.
අති විශිෂ්ට විග්වලින් සැරුසී මුහුණ පුරා තවරාගත් වේෂ නිරෑපණවලින් යුතු කාන්තා රොබෝවරුන්ටද සැබෑ කතුන් ලෙස තම අත් පා සිරුර චලනය කළ හැකිය. Ex Robot, ආයතනය වසර හයක කාලයක් පුරා ඩ්‍රොයිඩ් සංවර්ධනයෙන් පසු 2022 දී ඔවුන්ගේ රොබෝ කෞතුකාගාරය විවෘත කරන ලදී. මේ සෑම bot එකක් සඳහාම £160,000 විශාල මුදලක් වැය වන අතර ඔවුනට ජීවය ලබා දීමට මාසයක් පමණ ගත විය හැක. 2023 දී, EX Robot ලොව මෙතෙක් සැහැල්ලුම මානවරෑපී රොබෝව නිර්මාණය කිරීමෙන් සහ සිලිකොන් සම සමාකරණ තාක්ෂණය දියුණු කිරීමෙන් වාර්තාගත විය.
සමාගම මෙම ඩ්‍රොයිඩ් සඳහා ජීවමාන සමේ බලපෑම ලබා ගැනීමට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ද භාවිත කර ඇත.