2024 ජුනි 15 වන සෙනසුරාදා

චාල්ස් රජුගේ මුල්ම රුවට හානි සිදු කරයි

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 68

දැනට ලන්ඩන් ගැලරියක ප්‍රදර්ශනයට තැබූ චාල්ස් රජුගේ පළමු නිල ආලේඛ්‍ය චිත්‍රයට සත්ව හිමිකම් සංවිධානයක ක්‍රියාකාරීන් විසින් හානි කර ඇත. 

චාල්ස් රජුගේ පළමු නිල චිත්‍රය වන මෙම ආලේඛ්‍ය චිත්‍රය මෙම වසර මුලදී එළිදක්වන  ලද්දේ චිත්‍ර ශිල්පී ජොනතන් යයෝ විසිනි. ඔහු රජු නිරෑපණය කර ඇත්තේ තද රතු පාට බුරුසු පහර සහිත පසුබිමකට එරෙහිවය. මධ්‍යම ලන්ඩනයේ පිලිප් මෝල්ඩ් ගැලරියේ ජූනි 21 දක්වා ප්‍රදර්ශනයට තබා ඇති රජතුමාගේ ආලේඛ්‍ය ප්‍රතිමාව නැරඹීමට මහජනතාවට නිදහස දී තිබුණි.

ක්‍රියාකාරීන් “වොලස් ඇන්ඩ් ග්‍රොමිට්” ප්‍රහසන මාලාවේ බ්‍රිතාන්‍ය කාටුන් චරිතයක් වන වොලස්ගේ රෑපයකින් රජුගේ හිස වසා තිබුණි. පසුව පහත ශීර්ෂ පාඨය චිත්‍රය මත අලවන ලදී. “චීස් ග්‍රෝමිට් එපා, RSCPA ගොවිපොළවල්වල මේ කුරිරුකම් දෙස බලන්න.” 

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00