2024 ජුනි 22 වන සෙනසුරාදා

බටහිර කැළඹූ පුටින් - කිම් හමුව!

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 84

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර 24 කට පසු උතුරු කොරියාවේ සිය පළමු සංචාරය ආරම්භ කළේ ද බටහිර අවධානය ද කළඹමිනි. රුසියානු සහ උතුරු කොරියානු ධජ සහ මල් කළඹ ලෙලවමින් "පුටින් සාදරයෙන් පිළිගනිමු" යැයි කියමින් උතුරු කොරියානුවන් දහස් ගණනක් පියොංයැං හි පෙළ ගැසී සිටියහ.

පුටින්ගේ මේ සංචාරය සිදුවන්නේ බටහිර රාජ්‍ය සම්බාධක තර කෙරුණු සහ  යුක්‍රේනයේ යුද්ධය සඳහා මොස්කව් වෙත ආයුධ සැපයූ බවට උතුරු කොරියා රජයට චෝදනා කර ඇති වටාපිටාවකය. මෙබඳු තත්ත්වයක් යටතේ වුවද මේ අත්තනෝමතික නායකයන් දෙදෙනා ඔවුන්ගේ සබඳතා පුළුල් කිරීමේ පැහැදිලි සංඥාවක් ලෙස නව උපාය මාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔහුගේ නීතිවිරෝධී ආයුධ වැඩසටහන හේතුවෙන් ලෝක වේදිකාවේ හුදෙකලා වී සිටින සහ වසංගතයෙන් පසු වෙනත් ලෝක නායකයකුට සිය අගනුවර සත්කාරකත්වය ලබා නොදුන් කිම්ට, පුටින්ගේ මේ සංචාරය සැලකිය යුතු තල්ලුවක්  ලබා දීමකි.  

මෙම සංචාරය උතුරු කොරියාවේ අවි ආයුධ රුසියාවට ලබා දීම ගැන පමණක් නොව, ප්යොංයැන්ග්හි ආයුධ වැඩසටහනට ආධාර කිරීම සඳහා මොස්කව් එහි උසස් මිලිටරි තාක්‍ෂණය මාරු කිරීමේ ප්‍රයත්නය සමඟින් මේ දෙරට තුළ වර්ධනය වන නව සම්බන්ධතාවය දකුණු කොරියාව සහ වොෂින්ටනය යන දෙඅංශයේම කනස්සල්ල වර්ධනය වීමට හේතු වී තිබේ.