2024 ජුනි 22 වන සෙනසුරාදා

ප්‍රියංකා ගාන්ධිත් ඉන්දීය මැති සබයට!

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 117

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි සිය ආධාරකරුවන්ගේ දශක ගණනාවක අපේක්ෂාව ඉටු කරමින් සිය පළමු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

ගාන්ධි මහත්මිය ඉන්දියාවේ වඩාත්ම ප්‍රසිද්ධ දේශපාලන රාජවංශය වන නේරු-ගාන්ධි පවුලෙන් පැවත එන්නෙකි. මෙය 52 හැවිරිදි ඇයගේ මංගල මැතිවරණයයි. එය ගාන්ධිවරුන්ට ජය නියත දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාඩ් ආසනය සඳහා පැවැත්වෙන්නට යන අතුරු මැතිවරණයකි. මේ ආසනය ජය ගැනීමත් සමඟ ගාන්ධි පවුලේ තුන්කට්ටුවක්ම පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත. ඇයගේ මව, කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපතිනිය වන සෝනියා ගාන්ධි, පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරියකි. ඇයගේ සොහොයුරු රාහුල් ගාන්ධි මහතා පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් වයනාද් සහ උත්තර් ප්‍රදේශ් හි රායිබරේලි ආසන දෙකෙන්ම ජයග්‍රහණය කළේය. 2019 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වයනාඩ් නියෝජනය කළ ගාන්ධි මහතා ඉන්දීය නීතිය යටතේ ඔහුට තබාගත හැක්කේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පමණක් බැවින් එය අත්හරින්නට තීරණය කර තිබේ.

ප්‍රියංකා ගාන්ධි තරග කරන්නේ ඇගේ සහෝදරයා එය අත්හැරීමෙන් පසුවය. අතුරු මැතිවරණය සඳහා දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් ගාන්ධි මහත්මිය පවසන්නේ තමා කිසිසේත්ම මේ ගැන කලබල නොවන බවයි. ජ්‍යෙෂ්ඨ නායකයන් පවා ඇයගේ දේශපාලන ඥානය සහ මිනිසුන් සමඟ සම්බන්ධ වීමේ ඇයගේ දක්ෂතාවය අගය කර ඇත. 2019 මහ මැතිවරණයට පෙර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයේ කොංග්‍රස් ප්‍රචාරක කටයුතු භාරව කටයුතු කිරීමත් සමඟ ගාන්ධි මහත්මියගේ නිල දේශපාලනයට පිවිසීම සිදු විය. ගාන්ධි මහත්මිය වයනාද් ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වීමට ඉදිරිපත් වීම පිළිබඳව කේරළයේ කොංග්‍රස් නායකයන් මෙන්ම කම්කරුවන් ප්‍රමුඛ පොදු ජනතාව දැනටමත් ඉමහත් සතුට පළ කර තිබේ

 

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00