2024 ජුනි 29 වන සෙනසුරාදා

සඳේ අඳුරේ තිබූ පස් කිලෝ 2 ක්ද ගෙන චීන යානය යළි එයි!

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 73

සඳ වෙත ගිය චීන රොබෝ ගවේෂණ යානය සාර්ථකව යළි පෘථිවියට පැමිණියේය. ඒ සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ අඳුරු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් ද රැගෙනය. මොංගෝලියාවේ කාන්තාරයකට පතිත වූ චැංග් ඊ-6 මාස දෙකකට ආසන්න කාලයක් සඳ මත මෙහෙයුම් කටයුතුවල නිරත වූ බව ද වාර්තා වේ.

පෘථිවියෙන් ඈතට මුහුණලා ඇති සඳේ දුර පැත්ත, එහි පවතින දුර සහ යෝධ ආවාට සහ පැතලි පෘෂ්ඨ කිහිපයක් සහිත දුෂ්කර භූමි ප්‍රදේශය හේතුවෙන් ළඟා වීම තාක්ෂණික වශයෙන් අභියෝගාත්මකය. ජලය, ඔක්සිජන් සහ හයිඩ්‍රජන් නිස්සාරණය කළ හැකි අයිස් අංශු එහි අඩංගු විය හැකි යැයි බලාපොරොත්තු වන බැවින් විද්‍යාඥයෝ මෙම අඩු ගවේෂණාත්මක පැත්ත ගැන දැඩි උනන්දුවක් දක්වති. සඳ මත ඇති සම්පත් සහ එය මිනිස් වාසයට කෙතරම් දුරට සුදුසු වන්නේ දැයි මේ පස් සාම්පල පරීක්ෂණ මගින් සොයා ගැනීමට ජාත්‍යන්තර විද්‍යාඥයෝ නොඉවසිල්ලෙන් යුතුව බලා සිටිති. සඳෙහි ඈත පැත්තට ගොඩ බැස ඇති එකම රට චීනයයි. එය සිදුවූයේ 2019 දීය. මේ දුර පැත්තට එහි එහි දෙවැනි ගමනයි. මෙම ගවේෂණ යානය නම් කර ඇත්තේ චීන පුරාණෝක්තිවල එන චන්ද්‍ර දේවතාවිය වන Chang’e නමිනි.

පරීක්ෂණ යානය විදුම් කටුවක් සහ රොබෝ අතක් භාවිත කර පස් සහ ගල් ඉවත් කරගත් අතර, අඳුරු පැත්තේ මතුපිට මෙතෙක් නොදුටු ඡායාරූප කිහිපයක් ද ගෙන චීන කොඩියක් ද රෝපණය කළේය.