2024 ජුලි 06 වන සෙනසුරාදා

ලීවලින් නිපැයූ විදුලි කාර් රථයක්!

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 103

ලෝකයේ මුල් වතාවට මුළුමනින්ම ලීවලින් නිපැයූ කාර් රථයක් දොරට වැඩියේද මේ ඉකුත්ව ගිය සතියේය. ඒ වියට්නාමයෙනි.‍

වියට්නාමයේ ටෘඕං වැන් ඩාඕ නම් ලී වැඩකරුවකු විසින් ලී වලින් සම්පූර්ණයෙන්ම තනා ඔපමට්ටම් කළ කැරකෙන දැති සහ පිස්ටන් සහිත හොඳින් ක්‍රියාත්මක වන විදුලි මෝටර් රථයක් නිර්මාණය කර ඇත. මෙහිදී ඔහු විද්‍යා ප්‍රබන්ධයන් වන Back to the Future සහ Blackadder: Back and Forth හි කාල තරණ යන්ත්‍ර මෙන් දිස්වන පරිදි මෝටර් රථයට අවශ්‍ය හැඩරුව ලබාදීමට උත්සාහ දරා තිබේ. එරට සමාජ මාධ්‍යයට නිකුත් කළ නෙත් ඇදහිය නොහැකි වීඩියෝවක, වැන් ඩාඕ මහතා විදුලි බැටරි මගින් බලගැන්වෙන ඔහුගේ මේ අරුම පුදුම වාහනයේ සෑම ලී අංගයක්ම අතින්ම කැටයම් කරන අයුරු පැහැදිලිව පෙන්වයි. මෝටර් රථයේ ඇති එකම ලෝහ සහිත කොටස වන්නේ වෑල්ඩින් කරන ලද වට රාමුවයි. වැන් ඩාඕ මහතා තම පුතා වෙනුවෙන් මෙම ඇදහිය නොහැකි වාහනය නිර්මාණය කර තිබේ. ඔහු ටෙස්ලා විදුලි කාර් රථයේ ලී අනුකරණයක්ද සාදා ඇත.

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00