2024 ජුලි 06 වන සෙනසුරාදා

ඉරානයේ වාර්තාගත දෙවැනි මැතිවරණයක්!

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

1979 ඉරාන විප්ලවයෙන් පසු එරට මැතිවරණයක් පළමු වරට දෙවැනි වටය දක්වා ඇදී ගියේ මෙවරය. හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මැයි 19 දා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් පසුගියදා පැවැති හදිසි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකු හට බහුතරය හිමි නොවීමත් සමඟ දෙවැනි වටයකට මඟ පෑදිණි.

ඒ අනුව පළමු වටයේ ඉහළම ඡන්ද ලැබූ, දැඩි මතධාරී Saeed Jalili සහ මධ්‍යස්ථ අදහස් දරන Masoud Pezeshkian අතර ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවිය. එතෙර සිටින ඉරාන ජාතිකයෝ ලොව පුරා ස්ථාන 250 කදී සඳහා ඡන්දය ප්‍රකාශ කළහ. අපේක්ෂකයන් දෙදෙනාම තරගකාරී මතවාදී දර්ශන ඉදිරිපත් කරමින් ඡන්ද දායකයන් දිනා ගැනීමට උත්සාහ කර තිබේ. ජලීලි වඩාත් සුපරීක්ෂාකාරී විදේශීය සහ දේශීය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන අතර පෙසෙෂ්කියන් සමාජ හා දේශපාලන නිදහස වෙනුවෙන් පෙනී සිටියි. වැරදි කළමනාකරණය, රාජ්‍ය දූෂණ සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් 2018 සිට නැවත පනවන ලද සම්බාධකවලින් පීඩාවට පත් වූ ආර්ථිකය නැවත පුනර්ජීවනය කිරීමට දෙදෙනාම පොරොන්දු වෙති. ඡන්ද දායකයන් 61,452,321ක් අතරින් මැතිවරණයේ පළමු වටය තුළදී 39.93% ක් පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ, ඉස්ලාමීය ජනරජයේ ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා අඩුම සහභාගීත්වය ලෙස වාර්තා වූ අතර එය 2021 දී වාර්තා වූ අවම ප්‍රතිශතය වූ 48.48% ඉක්මවා ගියේය.