2024 ජුලි 27 වන සෙනසුරාදා

පොප් ගීයක් කමලා හැරිස් ඉහළටම ඔසවයි!

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

උප ජනාධිපති කමලා හැරිස්ට ඇමෙරිකාවේ 47වැනි ජනාධිපති ධුර බලය ලබා දෙන නව තරුණ රැල්ලක් බිහි කිරීමට Tik Tok සමාජ ජාල වේදිකාවේ ප්‍රචාරය වූ පොප් ගීයක් සමත්ව තිබේ. පොප් තරුවක් වන චැපල් රෝන්ගේ “ද රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් මිඩ්වෙස්ට් ප්‍රින්සස්” නමැති 2023 ගීත ඇල්බමයේ හි “ෆෙමිනිනොමෙනන්” ගීතය යොදා සකසා ඇති වීඩියෝවක් මිලියන 35 කට අධික නැරඹුම් වාර්තාවක් තැබීමත් සමඟිනි.

චැපල් රෝන්ගේ "Femininomenon" ගීතයේ ඒ අමුතු වචනය “feminine” සහ “phenomenon” ("ස්ත්‍රීවාදි" සහ "සංසිද්ධිය") යන වචන ඒකාබද්ධ කරමින් Roan විසින් සාදන ලද වචනයකි. එය ඉක්මනින්ම Tik Tok පරම්පරාවේ අවධානය දිනාගත් අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකු අනාගත හැරිස්වාදී ඡන්ද දායකයන් වීමේ සම්භාවිතාව ඉහළය. “ෆෙමිනිනොමෙනන්” ගීතය සඳහා සකසා ඇති වීඩියෝව මගින් කමලා හැරිස් හට, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිරූපයක් මවා දී තිබේ. ඔවුන්ගේ ආච්චිලා සීයලාට වඩා වයසින් වැඩි අපේක්ෂකයන් දෙදෙනාම නවතම ඉසෙඩ් පරම්පරාව තමන් වෙත දිනා ගැනීමට දැඩි අරගලයක යෙදී සිටියි.

දැන්, Biden ප්‍රසිද්ධියේ අනුමත කිරීමට අකමැති වූ රටේ කීර්තිමත් පුද්ගලයෝ පවා හැරිස්ට පූර්ණ සහාය දැක්වීමට එක්වෙමින් සිටිති. මේ ජනකාන්ත පිරිසගේ එල්ලය වී ඇත්තේ රටේ මුල් වරට ඡන්දය භාවිත කරන තරුණ පිරිසය.
මිලියන 378 Instagram අනුගාමිකයන් සහිත ලෝකයේ වැඩිම ප්‍රචලිත තරුව වන Ariana Grande ඇතුළු තරුණ, අතිශයින් බලගතු පොප් තරුවලින් හැරිස්ගේ ව්‍යාපාරයට දැනටමත් මූලික සහාය ලැබී ඇත. ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 155ක් සිටින ඩෙමි ලොවාටෝ; කේෂා සහ චාලි XCX - දැන් කුප්‍රකට "Kamala IS brat" සටහන සමඟින් වැඩි අවධානයක් හැරිස්ට ලබා දී ඇත.

හැරිස්ගේ ටික්ටොක් පිටුවට අනුගාමිකයන් මිලියන 1.1 ක් සිටිති. ඇගේ Tik Tok පිටුවට මිලියන 15.8 ක් likes, හෙවත් කැමැත්තක් පළව ඇත.

Tik Tok ප්‍රධාන ප්‍රචාරක උපාය මාර්ගයක් ලෙස භාවිත කරන එකම ජනාධිපති අපේක්ෂකයා හැරිස් පමණක්ම නොවේ. ජූනි මාසයේදී ටික්ටොක් හා සම්බන්ධ වූ ට්‍රම්ප් සමාජ මාධ්‍ය වේදිකාවේ ඔහුගේ පළමු දිනයේදී අනුගාමිකයන් මිලියන 3 ක් දිනා ගත්තේය. ඔහුට දැන් අනුගාමිකයන් මිලියන 9.1ක් සිටිති. ඔහුගේ විශාල අනුගාමිකයන්ට අමතරවlikes, මිලියන 22.2 ක් ලැබී තිබේ.

නමුත් සිය ටික්ටොක් අනුගාමිකයන් හා නිතර සබඳතාව පවත්වා ගැනීම මගින් හැරිස්, ට්‍රම්ප්ට වඩා ඉහළ බැඳීමක් ඔවුන් අතර දිනා ඇත.