2024 ජුලි 27 වන සෙනසුරාදා

බංග්ලාදේශ ඇඳිරි නීති සමයේ පත්තර අලෙවිය ඉහළට

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

ඇඳිරි නීතිය හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ පාඩුවක් සිදු කළ ඇඳිරි නීතිය දින පහකට පසු ඉවත් කිරීමට බංග්ලාදේශ රජය පියවර ගෙන තිබේ. මේ අතර ඇඳිරි නීති කාලය තුළ පැනවූ අන්තර්ජාල පහසුකම් අත්හිටුවීම හේතුවෙන් එරට පුවත්පත් අලෙවිය 20% කින් ඉහළ ගොස් තිබූ බව කියයි.

රජයේ රැකියා කෝටාව පිළිබඳ උද්ගත වූ අර්බුදය මුල්කර ගනිමින් එරට සරසවි සිසුන් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් රජයේ හිතවාදී කණ්ඩායම් සහ පොලිසිය ඇතුළු යුද හමුදාව විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින්ද, සරසවි සිසුන්ගේ පහරදීම්වලින්ද අහිමි වූ ජීවිත ගණන 150 ඉක්මවා තිබූ බව ද වාර්තා වේ. ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ සරසවි සිසුන් ඇතුළු පුද්ගලයන් 2657 දෙනෙක් අත්අඩංගුවට පත්ව සිටියහ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එරට ප්‍රධාන විපක්ෂය වන කලීඩා සියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායකයා ද සිටින බව එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබුණි. සරසවි විරෝධතාව පසුපස කලීඩා සියාගේ පක්ෂය සිටින බව රජය චෝදනා කර ඇති අතර, බංග්ලාදේශයේ විපක්ෂය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

කුසලතා මත පදනම්ව අපේක්ෂකයන්ට රැකියා කෝටාවෙන් 93% ක් වෙන් කළ යුතු බවට පසුගියදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවෙන් පසුව බංග්ලාදේශයේ ජන ජීවිතය යළි සාමකාමී අතට හැරී ඇත.

 

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00