ගිනියා රටේ අධිකරණයක් බදාදා හිටපු ජුන්ටා නායක Moussa "Dadis" Camara හට වසර 20 ක සිරදඬුවම් නියම කළේය. ඒ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙනි.
මිලිටරිය විසින් 2009 දී ක්‍රීඩාංගණයක සිදුකෙරුණු බව කියන අවම වශයෙන් පුද්ගලයන් 157 දෙනකු මරා දැමූ සහ කාන්තාවන් දුසිම් ගණනක් දූෂණය කළ සමූල ඝාතනය සම්බන්ධව සිදු කළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. කැමරා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් හත් දෙනකු මෙහිදී වරදකරුවන් කරන ලදී. තවත් විත්තිකරුවන් හතර දෙනකු නිදොස් කොට නිදහස් කෙරිණි.