2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

ඉම්රාන් ඛාන් හමුදාව සමඟ සාකච්ඡාවට සූදානම්

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 108

පකිස්ථානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ තම පක්ෂය රටේ බලවත් හමුදාව සමඟ “කොන්දේසි සහිත සාකච්ඡා” පැවැත්වීමට සූදානම් බවත් සාකච්ඡා සඳහා නියෝජිතයකු පත් කර ඇති බවත්ය.

ඛාන් සාකච්ඡා සඳහා ලබා දී ඇති එක් කොන්දේසියක් වූයේ “පිරිසිදු හා විනිවිද පෙනෙන” මැතිවරණයක් පැවැත්වීම සහ ඔහුගේ ආධාරකරුවන්ට එරෙහි “ව්‍යාජ” නඩු ඉවත් කළ යුතු බවයි. සාකච්ඡා සඳහා ඔහුව නියෝජනය කිරීමට ඔහු සමීප දේශපාලන සගයකු සහ කුඩා පක්ෂයක නායකයකු වන මහමුද් ඛාන් අචක්සායිව පත් කර තිබේ. වසර 76 ක ඉතිහාසයෙන් අඩකට ආසන්න කාලයක් පකිස්ථානය ඍජුවම පාලනය කළ නමුත් දේශපාලනයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරන හමුදාව තවමත් මෙම යෝජනාව පිළිබඳව අදහස් දක්වා නොමැත. ඛාන් පසුගිය අගෝස්තු මාසයේ සිට සිරගතව සිටියි. ඔහු පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මැතිවරණයට පෙරාතුව ඇතැම් නඩුවලට වරදකරු විය. ඔහුට එරෙහිව තවත් නඩු දුසිම් ගණනකි. ඛාන් සහ ඔහුගේ පකිස්ථාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය පවසන්නේ ඔහු නැවත බලයට පත්වීම වැළැක්වීම සඳහා මෙම නඩු සහ චෝදනා දේශපාලනිකව අරමුණු කර ඇති බවයි.