තායිලන්තය නැවතත් දේශපාලන අවිනිශ්චිතතාවයකට ඇද වැටී තිබේ. ඒ අලුතෙන් පත්වූ තායිලන්ත අගමැති ශ්‍රෙත්තා තා, ධුරයෙන් ඉවත් කළ යුතු බවට බැංකොක් හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉකුත් බදාදා තීන්දු කිරීමත් සමගිනි. ඒ ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට අධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසුවය.
ඒ අනුව අගමැතිවරයා ඉල්ලා අස්වූ අතර දැන් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුව ඇත. පාලක Pheu Thai පක්ෂය ප්‍රමුඛ සන්ධානය අගමැති ධුරය සඳහා නව අපේක්ෂකයකු නම් කිරීමට නියමිතය.
මේ මොහොතේ ෆේයු තායි පක්ෂය සිය සුදුසුකම්ලත් අපේක්ෂකයන් දෙදෙනකුගෙන් එක් අයකු තෝරා ගැනීමේ අභියෝගයට මුහුණ දී තිබේ.
ඒ හිටපු නීතිපතිවරයකු සහ අධිකරණ අමාත්‍යවරයකු වන චයිකාසෙම් නිත්ශ්‍රි සහ හිටපු දේශපාලන ප්‍රබලයකුගේ 37 හැවිරිදි දියණිය වන එහෙත් අත්දැකීම් අඩු නායිකාවක වන පෙටොංටාර්න් ෂිනවත් රා ය.
බැංකොක් හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය බදාදා තීන්දු කළේ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයකු සහ දේශපාලනමය වශයෙන් නවකයකු ලෙස සැලකෙන වන ශ්‍රෙත්තා තා, කලින් සිරගතව සිටි නීතිඥයකු සිය කැබිනට් මණ්ඩලයට පත් කිරීමෙන් ව්‍යවස්ථානුකූල ආචාරධර්ම නීති කඩ කර ඇති බවටය.
හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ සමීපතමයකු වන පිචිත් චුවෙන්බන් සිය නව කැබිනට් මණ්ඩලයට පත් කිරීම අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රධාන වූ හේතුවයි.
පිචිත් හට 2008 වසරේ තක්ෂීන් සම්බන්ධ ඉඩම් නඩුවක දී ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරීන්ට අල්ලස් දීමට උත්සාහ කිරීමෙන් පසුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මාස 6ක සිර දඬුවම් නියම වී තිබුණි.
පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් රටේ ජනප්‍රිය ප්‍රගතිශීලී Move Forward පක්ෂය විසුරුවා හැර එහි නායකයන්ට වසර 10කට දේශපාලනයෙන් තහනමක් පැනවූ එම අධිකරණයම සතියකට පසුව මෙම තීන්දුව ලබා දී ඇත. උසාවියේ විනිසුරුවරුන් නව දෙනාගෙන් පස් දෙනකු ශ්‍රෙත්තා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය සේවයෙන් පහ කිරීමට පක්ෂව ඡන්දය දී තිබුණි. සදාචාරාත්මක අඛණ්ඩතාවක් නොමැති පුද්ගලයකු පත් කරන බව හොඳින් දැන දැනම අගමැතිවරයා මෙම පත්වීම කිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට අධිකරණය තීන්දු කර තිබුණි.
පසුගිය දශක දෙක තුළ, නීති සම්පාදකයන් දුසිම් ගණනක් මෙවන් තහනම් කිරීම්වලට මුහුණ දී ඇත. පක්ෂ විසුරුවා හරින ලද අතර කුමන්ත්‍රණ හෝ අධිකරණ තීන්දු මගින් අගමැතිවරුන් පෙරළා ඇත. මේ රට බලය සඳහා පවතින සටනේ දී අධිකරණය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
පසුගිය අගෝස්තු මාසයේ දී ශ්‍රෙත්තා ඉහළම පුටුවට පත්වීමත් සමඟ 2023 මැතිවරණයෙන් පසු පැවැති මාස තුනක දේශපාලන අස්ථාවරත්වය අවසන් කරමින් ඔහුගේ ෆියු තායි පක්ෂය එහි දිගුකාලීන මිලිටරි ප්‍රතිවාදීන් සමඟ පාලන සන්ධානයකට ඇතුළු විය. එසේ වුවද හමුදාව විසින් පත් කරන ලද හිටපු සෙනෙට් සභිකයන් 40 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ශ්‍රෙත්තාට එරෙහිව මැයි මාසයේ දී මෙම නඩුව ගොනු කරන්නට යෙදිණි.
බලයට පත් වූ දා සිට ශ්‍රෙත්තාගේ ප්‍රමුඛතාවය වූයේ රටේ මන්දගාමී ආර්ථිකය නිවැරදි කිරීමයි. බලයෙන් පහ කරන ලද නායකයා, බාට් බිලියන 500 (ඩොලර් බිලියන 13.8) ක අත්සන් සහිත ඩිජිටල් පසුම්බි අත් පත්‍රිකා යෝජනා ක්‍රමයක් ප්‍රකාශ කර ඇති අතර එය ඌන සංවර්ධිත කලාපවල රැකියා උත්පාදනය කර වියදම් දිරිමත් කරන බව පැවසීය. තායිලන්තයට වැඩි විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සහ ගෝලීය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට එය පත් කිරීම, වීසා රහිත ප්‍රතිපත්ති පුළුල් කිරීම සහ ආර්ථිකය නංවාලීම සඳහා ඔහු තවත් සැලසුම් ඉදිරිපත් කර තිබුණි. ඒ සැලැස්ම තවම ක්‍රියාත්මක කර නැත.
ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති විරුද්ධත්වයට හා ප්‍රමාදයන්ට මුහුණ දී ඇති බැවින්, මෑත මාසවලදී Srettha ගේ ජනප්‍රියත්වය පහත වැටී තිබූ බව මත විමසුම් පෙන්නුම් කරයි.
ඉල්ලා අස්වීමට ගත් තීරණයෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රෙත්තා කියා සිටියේ තමාට හැකි උපරිමයෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස තම රාජකාරිය ඉටු කළ බවත්, තීරණය පිළිගන්නා, බවත්ය. මීළඟ රජය තම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනු ඇත්ද යන්න පිළිබඳව තමාට විශ්වාසයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.