2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

වඳුරු උණ දරුණු වෙයි WHO ලෝකයම සීරුවෙන් තබයි

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා අප්‍රිකාවේ දැනට පවතින වඳුරු උණ හෙවත් mpox වසංගතය ‘ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්’ ලෙස ප්‍රකාශයට පත් කළේය. මෙය ජාත්‍යන්තර සෞඛ්‍ය නීතිය යටතේ කෙරෙන ඉහළම අනතුරු ඇඟවීමකි.
අප්‍රිකාවේ කලින් බලපෑමට ලක් නොවූ පළාත් හතරකට මෙම මාරාන්තික වඳුරු උණ සඳහා හේතු වන වෛරසයේ ක්ලේඩ් Ib ප්‍රභේදය ළඟා වී ඇති බවට වූ තොරතුරු හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය හදිසි mpox කමිටුව කැඳවූ අතර මේ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළේය. මාරාන්තික වෛරසයේ මෙම වික්‍රියාව මීට පෙර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පමණක් දක්නට ලැබුණි.

PHEIC ලෙස ද හැඳින්වෙන මෙය ජාත්‍යන්තර රෝග පැතිරීම හරහා අනෙකුත් රටවලට මහජන සෞඛ්‍ය අවදානමක් ඇති කරන ‘අසාමාන්‍ය සිදුවීම්’ හැඳින්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් භාවිත කරන මට්ටමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙයින් අවධාරණය කරන්නේ මෙම රෝගය පැතිර යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්බන්ධීකරණයෙන් යුතු දැඩි ප්‍රතිචාරයක් අවශ්‍ය විය හැකිය යන්නය.

මෙම වසරේ ආරම්භයේ සිට, අප්‍රිකාවේ රටවල් 13 ක රෝගීන් 17,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 500 කට වඩා වාර්තා වී ඇත. මේ පැතිරීම ‘ඉතා ඉහළ අවදානම් සිදුවීමක්’ ලෙස වර්ගීකරණය කරන රෝග පාලන හා වැළැක්වීමේ අප්‍රිකා මධ්‍යස්ථානවලට අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව වූ 14,000 ට වඩා වැඩි පිරිසක් එනම්  - තහවුරු වූ රෝගීන්ගෙන් 96% ක් මෙම මාසයේ වාර්තා වී ඇත්තේ කොන්ගෝවෙනි.

mpox, කලින් වඳුරු ලෙස හැඳින්වූ, මිනිසුන් අතර සහ ආසාදිත සතුන් අතර පහසුවෙන් පැතිර යා හැකි වෛරස් රෝගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එය ස්පර්ශ කිරීම, සිපගැනීම් හෝ ලිංගිකත්වය වැනි සමීප සම්බන්ධතා හරහා මෙන්ම ඇඳ ඇතිරිලි, ඇඳුම් පැළඳුම් සහ ඉඳිකටු වැනි දූෂිත ද්‍රව්‍ය හරහා පැතිර යා හැකිය. උණ, වේදනාකාරී කැසීම, හිසරදය, මාංශ පේශි සහ පිටුපස වේදනාව, අඩු ශක්තිය සහ වසා ගැටිති විශාල වීම රෝග ලක්ෂණ වේ.
දශක ගණනාවක් තිස්සේ, මෙම රෝගය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ බොහෝ දුරට හමු වූ නමුත් එය 2022 දී යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ ද ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. WHO මින් පෙර 2022 ජූලි මාසයේදී ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ අතර එය 2023 මැයි මාසයේ දී අවසන් කළේය.

mpox ජානමය ක්ලේඩ් දෙකකින් සංලක්ෂිත වේ. I සහ II. ක්ලේඩ් යනු දශක ගණනාවක් පුරා පරිණාමය වී ඇති ජානමය සහ සායනික වශයෙන් වෙනස් කණ්ඩායමක් වන පුළුල් වෛරස් සමූහයකි. Clad Ib දැඩිව සම්ප්‍රේෂණය වන අතර වඩාත් දරුණු රෝග තත්ත්වයක් ඇති කරයි.

WHO සංවිධානය mpox එන්නත් දෙකක් හදිසි භාවිතයට සුදුසු ලෙස ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියට අත්සන් කර ඇති අතර මේ හදිසි අවස්ථාව සඳහා WHO හදිසි අරමුදලෙන් ඩොලර් මිලියන 1.45ක් දැනටමත් නිකුත් කර ඇත. එසේම ඩොලර් මිලියන 15ක් අවශ්‍ය වන කලාපීය ප්‍රතිචාර සැලැස්මක් ද සකස් කර ඇත.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00