2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

වෛද්‍යවරියක ඝාතනයට එරෙහිව ඉන්දියාවේ වැඩවර්ජනයක්

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 96

ඉන්දියාවේ අභ්‍යාසලාභී වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමක් මුල්කර ගනිමින් රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ලක්ෂ තුනකට අධික වෛද්‍යවරු පිරිසක් වැඩ වර්ජනයකට එක් වී සිටිති. කොල්කටා නුවර රෝහලක සේවය කරන 31 හැවිරිදි එම වෛද්‍යවරිය රාත්‍රී සේවා මුරයෙන් පසු රෝහල් ශ්‍රවණාගාරයේ නිදා සිටියදී එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත. ලිංගික හිංසනයට ලක්වූ බවට සාක්ෂි සහිත ඇගේ අඩ නිරුවත් සිරුර පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඊට පසුදින උදෑසනය. වෛද්‍යවරියගේ මරණය සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වුවද වෛද්‍යවරියගේ මරණය පිළිබඳ පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු කඩිනම් නොකිරීමත්, රෝහල් කාර්ය මණ්ඩලයේ කාන්තා අතවර හා හිංසන ඉහළ යෑමත් මුල් කරමින් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.