රුසියානු න්‍යෂ්ටික බලාගාරයක් දැඩි අනතුරකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ප්‍රධානියා කියා තිබේ. රුසියාවේ Kursk කලාපයේ Kurchatov නගරයෙන් පිටත Kursk න්‍යෂ්ටික බලාගාරය, මේ අනතුරුදායක අවදානමට මුහුණ දී ඇත.
රුසියානු සහ යුක්රේන හමුදා අතර සටන් ඇවිලෙමින් පවතින බටහිර රුසියාවේ පිහිටි මෙම න්‍යෂ්ටික බලාගාරය මිසයිල, ඩ්‍රෝන සහ කාලතුවක්කුවලින් සිදුවන ප්‍රහාරයක් සඳහා ප්‍රමාණවත් පරිදි ආරක්ෂාවක් ලබා දී නොමැති නිසා බරපතළ අනතුරකට ගොදුරු විය හැකි බව ඔහු පෙන්වා දී ඇත්තේ ඉකුත් අඟහරුවාදා කළ චාරිකාවකින් පසුවය.
සති තුනකට පෙර යුක්රේන හමුදා දේශසීමා හරහා මේ ප්‍රදේශයට කඩා වැදුණු අතර රුසියාව ඔවුන් නෙරපා හැරීමට දැන් සටන් කරයි.
රුසියාව තුළ බලාගාර 11ක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 37කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර ඒවා අතරින් විශාලතම එකක් ලෙස සැලකෙන අනතුරුදායක අවදානමට මුහුණ පා ඇති කර්ස්ක් බලාගාරය යුක්රේන දේශසීමාවේ සිට කිලෝමීටර 100ක් ආසන්නයේ පවතී.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) අධ්යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රෝසි පැවසුවේ 1986 දී ලොව දරුණුතම සිවිල් න්‍යෂ්ටික ව්‍යසනය අත්දුටු යුක්රේනයේ චර්නොබිල් බලාගාරයට සමාන RBMK වර්ගයේ ආකෘතියක් වන මේ පහසුකම තුළ නූතන න්‍යෂ්ටික බලාගාරවල සාමාන්‍යයෙන් පැවතිය යුතුම වූ දෙයක් ලෙස සැලකෙන ගෝලාකාර බහාලුම් සහ ආරක්ෂිත ව්‍යුහයන් නොමැති බවය.
යුක්රේනය කර්ස්ක් වෙත කඩා වැදීමෙන් පසු දෙවැනි වරටත් බෙල්ගොරොඩ් කලාපය වෙත මෙහෙයුම් ඉලක්ක කර තිබේ.