2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

නිකොලස් මදුරෝ කැබිනට්ටුව පෙරළයි!

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 119

මෑත මැතිවරණ ජයග්‍රහණයෙන් පසු වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ සිය කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට පියවර ගත්තේය. ඉකුත් අඟහරුවාදා මදුරෝ තෙල්, මුදල් සහ අභ්‍යන්තර අමාත්‍යාංශවලට නායකත්වය දීමට නව ඇමැතිවරු පත් කළේය.

ප්‍රතිවාදීන් විසින් වංචාකාරී යැයි ප්‍රතික්ෂේප කරන ලද ඔහුගේ නැවත තේරී පත්වීම සම්බන්ධයෙන් රට තුළ ආතතීන් වර්ධනය වෙමින් ඇති වටපිටාවක, මදුරෝ නව ඇමැතිවරුන් නම් කරමින් මේ ප්‍රධාන වෙනස්කම සිදුකර තිබුණි.

ඒ අනුව ඇනබල් පෙරෙයිරා ඔහුගේ නව මුදල් අමාත්‍යවරයා වන අතර, හෙක්ටර් ඔබ්රිගෝන් රාජ්‍ය තෙල් සමාගමක් වන PDVSA හි නව සභාපතිවරයා ලෙස පත් කෙරිණි. ඔහු කර්මාන්ත හා ජාතික නිෂ්පාදන අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ Pedro Tellechea වෙනුවට පත් වේ. නව අභ්‍යන්තර, අධිකරණ සහ සාම අමාත්‍යවරයා ලෙස ආණ්ඩු පක්ෂ නායක ඩියෝස්ඩාඩෝ කැබෙලෝ පත් කර ඇත. ජූලි මැතිවරණයෙන් පසුව මැතිවරණ නිරීක්ෂකයන්, විපක්ෂ සාමාජිකයන් සහ ප්‍රාදේශීය නායකයන් සියල්ලන්ම පාහේ මදුරෝගේ සාර්ථකත්වය පිළිබඳව දැඩි සැකයක් පළ කර ඇත.