2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

යුක්රේනයේ චීන මහා ප්‍රාකාරය!

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 208

යුක්රේනයේ ලුට්ස්ක් හි ඇති ඇදහිය නොහැකි නිවාස සංකීර්ණයක් එහි විශ්මයජනක පිහිටීම සහ ප්‍රමාණය නිසා ප්‍රදේශවාසීහු එය "චීන මහා ප්‍රාකාරය" ලෙස හඳුන්වති.

මී පැණි වදයක හැඩැති මේ ඇදහිය නොහැකි ගොඩනැගිල්ල ජනෙල් 15,000කින් සහ ඉදිරිපස දොරවල් 170කින් සමන්විත ලොව දිගම මහල් නිවාස සංකීර්ණයයි.

1970 ගණන්වල ඉදිකරන ලද මෙම නේවාසික සංකීර්ණය ලොව දිගම මහල් ගොඩනැගිල්ල ලෙස විශ්වාස කෙරේ. එය එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා, අඩි 5,741ක් වන අතරම අඩි 12,336 ක උසකින් යුක්ත වේ. ප්‍රදේශවාසීන්ට එක් කෙළවරක සිට අනෙක් කෙළවරට යාමට බස් රථයක් අවශ්‍ය වන බව කියයි.