ලොව මුල්ම සිවිල් ගගනගාමීන් හතර දෙනා රැගත් SpaceX ආයතනයට අයත් Polaris Dawn අභ්‍යවකාශ මෙහෙයුම අඟහරුවාදා අලුයම පිටත් විය. ඉන් පැය කිහිපයකට පසු ඔවුන් සිවිල් පිරිසක් මෙතෙක් පෘථිවිය වටා ගිය ඉහළම කක්ෂයට ළඟා වෙමින් නාසා ආයතනයේ මුල් දිනවල තැබූ වාර්තාවක් ද අභිබවා, නව ඉතිහාසගත වාර්තා රැසක් බිහි කර ඇත.
කාර්ය මණ්ඩලය රැගත් SpaceX Crew Dragon අභ්‍යවකාශ යානය ඉකුත් අඟහරුවාදා රාත්‍රී 9:19 ට එහි උපරිම උන්නතාංශය වන කිලෝමීටර් 1,400.7 (සැතපුම් 870) වෙත ළඟා වී තිබුණි. එම දුර NASA හි Gemini 11 මෙහෙයුම විසින් සැතපුම් 853 (කිලෝමීටර් 1,373) දුර දක්වා ගමන් ගනිමින් 1966 දී පිහිටුවන ලද වාර්තාව අභිබවා තිබේ. නමුත් මෙම දින පහේ මෙහෙයුමේ අවදානම් සහගතම උත්සාහයන් ඇත්තේ තවත් ඉදිරියටය. අභ්‍යවකාශය ගැඹුරට විනෝද චාරිකා රැගෙන යන වාණිජ අභ්‍යවකාශ ගමන් සඳහා අවශ්‍ය වන නව තාක්ෂණයන් පරීක්ෂා කිරීමට SpaceX මේ ගමන උපයෝගී කර ගනී.
මේ මෙහෙයුමට එහි මූල්‍ය සැපයුම්කරු ද ගමනේ ප්‍රධාන විධායක නිලධාරී ද වන ජැරඩ් අයිසැක්මාන් ද; ඔහුගේ සමීප මිතුරා සහ හිටපු එක්සත් ජනපද ගුවන් හමුදා නියමුවකු වන Scott “Kidd” Poteet; සහ SpaceX ඉංජිනේරුවන් වන ඇනා මෙනන් සහ සාරා ගිලිස් අයත් වූහ. අභ්‍යවකාශයේ සිය පළමු ඉතිහාසගත ආහාර වේල ද ගත් ඔවුහු ලොව පළමු වාණිජ අභ්‍යවකාශයේ ඇවිද යාම ද සිදු කරමින් නව වාර්තාවක් එක් කළේය.