2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

අලුත් රජයත් වට්ටන බංග්ලාදේශයේ විදුලි කප්පාදුව!

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 56

බංග්ලාදේශයේ අන්තර්වාර රජය මේ වන විට දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටියි. මේ වන විට මතුව ඇති දැඩි විදුලිය අර්බුදය හේතුවෙනි. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද විදුලි බලාගාර 50කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් අක්‍රිය වී ඇති අතර, විදුලි අර්බුදය හේතුවෙන් නාගරික ප්‍රදේශවලට පැය 5ක කාලයක් සහ ග්‍රාමීය ප්‍රදේශවල පැය 19ක කාලයක් දෛනික විදුලි කප්පාදුවක් සිදු වේ.

ගල් අඟුරු හා ඩීසල් හිඟය කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස අන්තර්වාර රජයට එරට ඇඟලුම් කර්මාන්තය ප්‍රමුඛ ව්‍යාපාරික ප්‍රජාව වෙතින් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. රටේ උපරිම ධාරිතාවෙන් 45% ක් පමණක් භාවිත කිරීමට සිදු වී ඇත. එබැවින් මෙගා වොට් 12,500ක පමණ විදුලිය පිරිමසා ගැනීමට අන්තර්වාර රජයට සිදුව තිබේ. මෙගා වොට් 500කට වැඩි ධාරිතාවක් ඇති ගල් අඟුරු විදුලි බලාගාර රැසක් මේ වන විට ක්‍රියාත්මක වන්නේ අර්ධ වශයෙනි. මෙගා වොට් 1,150ක් ජාතික විදුලි පද්ධතියට එක් කරන මටර්බරී ගල් අඟුරු විදුලි බලාගාරයට සම්පූර්ණ ධාරිතාව උත්පාදනය කිරීමට දිනකට ගල් අඟුරු ටොන් 13,000ක් අවශ්‍ය නමුත්, මේ වන විට එය ටොන් 8,000කට සීමා කර ඇත. ඔවුන් සතුව ඇත්තේ තවත් මාස එකහමාරක පමණ කාලයක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වීමට තරම් ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක් පමණක් බව වාර්තා වේ.

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00