ඇමෙරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වූ හැරිස් සහ ට්‍රම්ප් අතර සිදුවූ පළමු විවාදය මිලියන 67 ක් නැරඹූ බව වාර්තා වේ. ABC ජනාධිපති විවාදය ලෙස ප්‍රකට වූ මෙය රූපවාහිනී ජාල 17ක් වටා නරඹන්නන් තොගයක් එක් කර තිබූ අතර ජූනි මාසයේ දී ජනාධිපති ජෝ බයිඩෙන් සමඟ පැවති විවාදය නැරඹූ මිලියන 51 ඉක්මවා ගිය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආකර්ෂණය කරගෙන තිබුණි.
ABC විසින් සත්කාරකත්වය සපයන ලදුව, ෆිලඩෙල්ෆියා හි අඟහරුවාදා රාත්‍රියේ මිනිත්තු 90ක කාලයක් පැවති මේ විවාදය, හැරිස් සහ ට්‍රම්ප් මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාවය. එහිදී ගබ්සාව, සංක්‍රමණික ගැටලු සහ 2020 මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉහළ මත ගැටුමක් ඇති විය. නව ඩිමොක්රටික් අපේක්ෂකයා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන්න දැක ගැනීමට ජනතාව තුළ ඇති උනන්දුව මේ ඉහළ ජන ආකර්ශනයට හේතු වී තිබුණි. අඟහරුවාදා විවාදය ක්‍රීඩා නොවන ඉසව්වක් සඳහා වසරේ විශාලතම රූපවාහිනී ප්‍රේක්ෂකයන් ආකර්ශනය කරගත් වැඩසටහන වූ නමුදු, එය 2020 සිට සමස්ත ප්‍රේක්ෂක සංඛ්‍යාවේ පහත වැටීමක් නියෝජනය කළේය. මිලියන 73 කට වැඩි පිරිසක් ට්‍රම්ප් සහ බයිඩෙන් අතර පළමු විවාදය සියලු රූපවාහිනී ජාල හරහා නරඹා තිබුණි. 2016 හි, හිලරි ක්ලින්ටන් සහ ට්‍රම්ප් අතර පැවති පළමු විවාදයට වාර්තාගත මිලියන 84ක් එක්ව තිබුණි.