සන්නද්ධ සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් විසින් සන්නිවේදනය සඳහා භාවිත කරන ලද පගෙර් උපකරණ කිහිපයක් ලෙබනනය පුරා පුපුරා යාමෙන් කුඩා දරුවකු ඇතුළු පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා කියා තිබුණි.
බීරූට් සහ තවත් ප්‍රදේශ කිහිපයක එකවර සිදුවූ මේ පිපිරීම්වලින් තුවාල ලැබූ තවත් 2,800 දෙනකු අතර ලෙබනනයේ ඉරාන තානාපතිවරයා ද විය.
ඉරානයේ අනුග්‍රහය ලබන හිස්බුල්ලා, මෙම පේජර් “විවිධ හිස්බුල්ලා ඒකක සහ ආයතනවල සේවකයන්ට” අයත් බව පැවසූ අතර සටන්කාමීන් අට දෙනකු මිය ගිය බව තහවුරු කළේය. “මෙම සාපරාධී ආක්‍රමණය" ට මෙම කණ්ඩායම දොස් පැවරුවේ ඊශ්‍රායලයටය.