2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

හැරීට 40යි! රජ පවුල නැවත එක්වන ලකුණු

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 149

හැරී කුමරු මේ මස අගදී නැවතත් මේගන් මාකල් නොමැතිව තනිවම එක්සත් රාජධානියට පැමිණීමට නියමිත බවට ආරංචියක් පැතිර තිබේ. මේ ආන්දෝලනාත්මක ආරංචිය පැතිර ගියේ ඔහුගේ 40 වැනි උපන් දිනයෙන් දින කිහිපයකට පසුවය.

දෙදරු පියකු වන හැරී මේ මස අගදී එක්සත් රාජධානිය පදනම් කරගත් බරපතළ ලෙස රෝගාතුර වූ දරුවන් සඳහා ඇති පුණ්‍යායතනයක පැවැත්වෙන වාර්ෂික ‘වෙල්චයිල්ඩ්’ සම්මාන උළෙලේ ආරාධිතයකු ලෙස සහභාගී වීමට නියමිතය. ඔහුගේ රාජකීය රාජකාරිවලින් ඉවත් වී එක්සත් ජනපදයට පිටත්ව ගිය ද, ආදිපාදවරයා තවමත් 16 වසරක් පුරා එහි අනුග්‍රාහකයා ලෙස  ප්‍රධාන භූමිකාව දරමින් බෙහෙවින් කැප වී සිටී.

කුමරුගේ දැන් මේ නිතර සිදුවන අලුත් චාරිකාවන් රජ පවුල සමඟ පැරැණි ඥාති සබඳතා නැවත ගොඩනැගී ඇති බවට වන උණුසුම් ආරංචියක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ සැප්තැම්බර් 15 වැනි දින රජු සහ රැජින ඔහුට සුබ පැතීමෙන් පසුව ඔහුගේ සහෝදරයා වන විලියම් කුමරු සහ ඥාති සහෝදරිය කේට් මිඩ්ල්ටන් විසින් ද නිකුත් කරන ලද පුදුම උපන් දින පණිවිඩයක් සමඟිනි.

හැරී සහ මේගන් බ්‍රිතාන්‍යයෙන් පිටවීමත් ‘Spare’ නමැති ඔහුගේ මතක සටහන් එකතුව නිකුත් කරමින් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුට නරක ලෙස චෝදනා කිරීමත් සමඟ පළුදු වී ගිය, පවුලේ සාමාජිකයන්ගේ හොඳ හිත නැවත ගොඩනැගෙමින් ඇති බවට නව වර්ධනය ඉඟි කරයි.

නමුත් ඔහුගේ බිරිඳ සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් ඔහු සමඟ පැමිණෙන බවට කිසිදු සඳහනක් නොවීය. ඇය නැවත කිසි දිනෙක එක්සත් රාජධානියට පය නොතබන බවට සපථ කර ඇති අතර, මෙම වසර මුලදී මෙම යුවළ නයිජීරියාවට යන අතර ඇය එක්සත් රාජධානියට පැමිණි අවස්ථාවේදීවත් ගුවන් තොටුපළෙන් පිටතට පය තබා තිබුණේ නැත.