ලොව ප්‍රථම පූර්ණ රොබෝ තාක්ෂණය යොදා කළ හදවත් බද්ධ කිරීමේ සැත්කම සාර්ථක බව වාර්තා වේ. වෛද්‍ය විද්‍යාවේ නව පිටුවක් පෙරළමින් සවුදි අරාබියේ රියාද් නුවර කිංග් ෆයිසාල් විශේෂඥ රෝහලේ දී පසුගියදා සිදු කළ, මෙම සැත්කමට මුහුණ දුන් 16 හැවිරිදි සිසුවා හොඳින් සුවය ලබමින් සිටින බව නවතම වාර්තා පෙන්වා දෙයි.
දරුණු හෘදයාබාධයකින් පීඩා විඳිමින් සිටි එම සිසුවාට මේ සැත්කම සිදු කර ඇත්තේ හදවත අකර්මණ්‍ය වීමේ අවසන් අදියරේ පසුවූ බැවින් ජීවිත අවදානම ද ඉහළ මට්ටමක තිබූ අවස්ථාවකදීය. පැය දෙකහමාරක් ගත වූ සැත්කම මුළුමනින්ම රොබෝ තාක්ෂණය ඔස්සේ සිදු කර ඇති අතර, එම කාලය තුළ වෛද්‍ය කණ්ඩායම දැඩි අවධානයෙන් යුතුව සැත්කම අධීක්ෂණය කර තිබේ.
එම සැත්කම සඳහා පාසල් සිසුවා තෝරාගෙන ඇත්තේ සිය හදවත විවෘත කිරීමකින් තොරව සැත්කම සිදු කිරීමට ඔහු විසින් කරනු ලැබූ ඉල්ලීම හේතුවෙන් බවත්, සැත්කමට පෙර දින තුනක් පුරා අඛණ්ඩව 7 වතාවක් ඒ සඳහා පුහුණුවීම්වල නිරත වෙමින් අත්හදා බැලීම් සිදු කළ බවත් සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී හෘද රෝග ශෛල්‍ය වෛද්‍ය ආචාර්ය ෆෙරස් කලීල් සඳහන් කර තිබුණි.