2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ඉස්ලාමයේ නීති ලිහිල් කළ අලුත්ම කුඩා රටක්!

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 235

ඇල්බේනියාව පාපන්දු පිටි 14 ක විශාලත්වයකින් යුතු අලුත්ම කුඩා රටක් පිහිටුවීමට සැලසුම් කර ඇත. “බෙක්ටාෂි ප්‍රජාවේ ස්වෛරී රාජ්‍යය” ලෙස නම් කර ඇති හෙක්ටයාර 10ක කුඩා ඉඩමක පිහිටුවන්නට නියමිත මෙහි වෙනම රටක සියලු ලක්ෂණ ඇත. එනම් එයටම වෙන්වූ රජයක්, ජාතික කොඩියක්, විදේශ ගමන් බලපත්‍රයක් සහ දේශසීමාවක්, ලෙසිනි. මේ අදහස ඵලදායී වුවහොත් එය ලොව කුඩාම රාජ්‍යය බවට පත්වනු ඇත.

ඇඳුම් පැළඳුම් සහ මත්පැන් නිදහස “ඉවසන” ඉස්ලාමයේ නව අනුවාදයක් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. රටේ අගනුවර වන ටිරානා හි මූලස්ථානය පිහිටවනු ඇත. බෙක්ටාෂි මුස්ලිම් ප්‍රජාව සඳහා වෙන් කරන එම කුඩා කලාපය වතිකානුවට වඩා කුඩා ස්වෛරී රාජ්‍යයක් බවට පත් කිරීමට සහ මත්පැන් භාවිතය, සෑම කෙනකුටම තමන් කැමති දේ ඇඳීමට ඉඩ දීම සහ වෙනත් සමහර ඉස්ලාම් රාජ්‍යයන්ට සාපේක්ෂව දැඩි නීති ප්‍රතික්ෂේප කළ ඉතා ප්‍රගතිශීලී ජීවන රටාවක් හඳුන්වා දීම මෙහි අරමුණ බව කියයි.

ඇල්බේනියානුවන්ගෙන් අඩක් පමණ මුස්ලිම්වරුන් ලෙස හඳුනාගෙන ඇති අතර එහි පුරවැසියන්ගෙන් සියයට 10 ක් පමණ බෙක්ටාෂි ප්‍රජාවට අයත් වේ. බෙක්ටාෂි යනු ඉස්ලාමයේ ඉවසිලිවන්ත අනුවාදයක් ලෙස හැඳින්වේ. එහිදී මධ්‍යස්ථව මත්පැන් පානය කිරීමට අවසර දී ඇති අතර පිරිමින් සහ කාන්තාවන් අතර සමානාත්මතාවය ඇත.
බෙක්ටාෂි ප්‍රජාවගේම රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අදහස ඇල්බේනියානු අගමැති එඩි රාමා විසින් ඉදිරිපත් කර ඇති අතර එයට ඒ ආගමේ නායක බාබා මොන්ඩිගේ සහාය ලැබී ඇත. පාප් වහන්සේ වතිකානුවේදී කරන ආකාරයටම ක්ෂුද්‍ර රාජ්‍යයේ මුලසුන හෙබවිය හැකි දෙවැන්නා, මෙම පියවර “අසාමාන්‍ය මුලපිරීමක්” ලෙස හඳුන්වා දී තිබේ. අදහස සාර්ථක වුවහොත් මෙය මුස්ලිම් ලෝකයේ විශ්මයජනක පරිවර්තනයකට මුලපිරීමක් වනු ඇත.

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00