2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ඉරානය – ඊශ්‍රායලය අලුත් යුද්ධයකට

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 96

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද විශාලතම ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය හමුවේ එරට එක්සත් ජාතීන්ගේ තානාපති ඩැනී ඩැනන් අනතුරු අඟවා ඇත්තේ මේ සඳහා ප්‍රබල, වේදනාකාරී සහ ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවටය. ඒ අනුව මැදපෙරදිග යුද්ධය, ඉරානය සහ ඊශ්‍රායලය අතර අලුත් යුද්ධයකට පාර කපා තිබේ.

ඊශ්‍රායලයේ ඕනෑම ප්‍රතිචාරයකට තමන් ද පුළුල් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ඉරාන හමුදා ප්‍රධානියා අනතුරු ඇඟවීය. මේ වනවිට ටෙහෙරානයේ ජනතාව යුද්ධයක අද්දර සිටින අතර කලාපීය මිලිටරි බලවතුන් දෙදෙනා අතර පුළුල් සර්ව සම්පූර්ණ යුද්ධයක් පිළිබඳ බියක් වර්ධනය වෙමින් පවතී. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල විය හැකි ඊශ්‍රායල ප්‍රහාරයන්ට තමන් කිසිසේත්ම සහාය නොදක්වන බවය.

මැදපෙරදිග යුද උණුසුම ඉහළ දමමින් ඉරානය ඉකුත් දා ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල සහ කෲස් මිසයිල 150කට ආසන්න ප්‍රමාණයක් එල්ල කරනු ලැබූ බව වාර්තා විය. තවත් වාර්තාවක් කීවේ බැලැස්ටික් මිසයිල ප්‍රහාර 400 ක් පමණ එල්ල වූ අතර ඉරානයේ සිට ඊශ්‍රායලයට කිලෝමීටර් 2300 කට ආසන්න දුරක් ඇති බැවින් බැලැස්ටික් මිසයිල පමණක් නොව කිලෝමීටර් තුන්දහසකට අධික දුරකට එල්ල කළ හැකි හයිපර්සොනික් මිසයිල ද ඉරානය පළමුවරට භාවිත කරන්නට ඇතැයි සැක පහළ කරන බවය. සිය ප්‍රහාරවලින් 80% ක්ම සාර්ථක වූ බව ඉරානය නිවේදනය කළ ද, ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් 90% ක්ම විනාශ කිරීමට සමත් වූ බවය.

ඉකුත් බ්‍රහස්පතින්දා අලුයම මධ්‍යම බීරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙක් මිය ගියහ. 2006 වසරෙන් පසු ඊශ්‍රායලය බීරූට් වෙත පහර දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ 1,000 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර හිස්බුල්ලා සමඟ යුද්ධය උත්සන්න වීමෙන් පසු මිලියන 1 ක පමණ වැසියන් අවතැන් වී ඇත. ඊශ්‍රායලය මේ වන විට ද දකුණු ලෙබනනයේ බිම් මට්ටමේ දරුණු ආක්‍රමණයක් දියත් කර හමාරය. ‍ඉරාන අත පෙවීම සිදුව ඇත්තේ මේ අතරය.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00