2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ඩොනල්ඩ් ට්‍රම්ප් ඔරලෝසු කඩේ

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 88

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා, සිය නිල ට්‍රම්ප් ඔරලෝසු එකතුව, ඔන්ලයින් අලෙවියක් සඳහා එළි දැක්වීය. මේ ගනුදෙනුව බිට්කොයින් මගින් සිදුවන්නකි. මේ සමඟ ඇති වඩාත්ම මිල අධික කහ කළු සහ රෝස පැහැති රන් ගෑ, ඔරලෝසුවල බෙසල් ආවරණයක් මත දියමන්ති 122 ක් ඇතුළත් කර ඇති අතර ඒවා ඩොලර් 100,000 ක් පමණ මිල කර තිබේ. මෙවන් කැරට් 18 රන් ඔරලෝසු මෝස්තර තුනකින් ලබාගත හැකිය. තවත් ‘ෆයිට් ෆයිට් ෆයිට්’ ආකෘතියක් ඩොලර් 499 කට ලැයිස්තුගත කර ඇත.

මේ සියල්ල සීමිත සංස්කරණ වන අතර, මිලෙන් අඩු ‘ෆයිටර්’ මාදිලි 1,000 ක්ද මිල අධික ‘වික්ටරි ටුවර්බිලන්’ 147ක්ද මෙහි විය. ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන GetTrumpWatches.com හි ඒවා දක්වා ඇති ආකාරයට, රිදී සහ රන්වන් පැහැති ස්වයංක්‍රීය ඔරලෝසු සඳහා $499 සහ $799 සිට මිලක්ද tourbillon විශේෂාංගය සහිත ඝන රන් ඔරලෝසු සඳහා $100,000 දක්වා මිලක් ද නියම කර තිබුණි. සෑම ඔර්ලෝසුවක්ම අංකනය කර ඇති අතර ට්‍රම්ප්ගේ පෞද්ගලික පණිවුඩයක් ද සහිතය.
Fighter මාදිලියේ ඔරලෝසු ඩයල් එකේ ට්‍රම්ප්ගේ අත්සන රන්වන් පැහැයෙන් සඳහන් වන අතර සුවිශේෂී Victory ඔරලෝසුවේ ඇතුළත ඇති නිල් මැණික් තැටියක් වසා පිහිටි රන් ආවරණයක පසුපස ඔහුගේ අත්සන සටහන්ව ඇත. නිසැකවම, ඔරලෝසු මෙතරම් ඉහළ මිලක් සහිත වීම සඳහා වන ප්‍රධාන තර්ක වන්නේ, ඒවා සීමිත සංස්කරණ වීම, ට්‍රම්ප් සඳහාම වූ සිහිවටන වීම සහ ඔහුගේ ඇතැම් රසිකයන්ට එතරම් මුදලක් ගෙවිය හැකි වීමය. මේ ඔර්ලෝසු ට්‍රම්ප් වැනි සල්ලිකාරයකු විසින්ම පැළඳිය හැකි දෙයක් මෙන් පෙනෙන නමුදු, ට්‍රම්ප්ට සාමාන්‍ය එදිනෙදා භාවිතය සඳහා ඇත්ත වශයෙන්ම පැටෙක් ෆිලිප්, රොලෙක්ස් සහ වචෙරොන් කොන්ස්ටන්ටින්ගේ හොඳ ඔරලෝසු කිහිපයක් තිබේ.වෙබ් අඩවියේ මෙම විකුණුම්වලින් ලැබෙන ආදායම ට්‍රම්ප්ට හෝ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ඍජුවම ප්‍රතිලාභ ලබා නොදෙන බව සටහන් කර ඇත. මේ සෑම එකක්ම, අලෙවි ගිවිසුමකට, යටත්ව නිපදවූ ඒවා බවද සටහන් කර ඇත.