2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ස්විට්සර්ලන්ත දේශසීමාව නැවත අඳියි

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 85

මේ වන විට ඉතාලි හා ස්විට්සර්ලන්ත දේශසීමාව වෙනස් වී ඇත. එම දේශසීමාව නැවත සකස් කිරීමට දෙරටේම බලධාරීන්ට සිදු වී තිබේ. දේශගුණික විපර්යාසය මෙයට වගකිව යුතු බව කියයි. ඇල්ප්ස් හිම කඳුකරයේ ග්ලැසියර දියවීමෙන් මේ දේශසීමා අකරතැබ්බය සිදුව ඇත.

එකිනෙකට ආසන්නයේ පිහිටි එම යුරෝපා රටවල නියෝජිතයන් එක්ව පසුගිය වසරේදී පිහිටුවා ගත් ඉතාලි – ස්විට්සර්ලන්ත කොමිසම කෙටුම්පත් කර ඇති ගිවිසුම් ප්‍රකාරව දේශසීමාව නැවත සකස් කිරීමට පසුගිය දා ස්විට්සර්ලන්ත රජයේ බලධාරීන්ගේ අනුමැතිය ලැබී ඇතැයි ද, ඊට ඉතාලි බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.