2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉන්දියාවත්

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

රුසියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සහාය පළ කර තිබේ. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පසුගිය දා පැවැති එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසියේදී ඉන්දියාවට පක්ෂව මේ සහාය පළ වී ඇත.

වසර 1945 දී පිහිටුවනු ලැබූ නිත්‍ය සාමාජිකයන් 5 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දෙවසරකට වරක් නිල නොවන සාමාජිකයන් 10 දෙනකු ද පත්වන අතර, ඉන්දියාව එහි නිත්‍ය සාමාජිකත්වය ඉල්ලා ඇත්තේ වසර දශක ගණනාවක සිටය. 2021-22 කාලසීමාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිල නොවන සාමාජිකයකු ලෙස කටයුතු කළ ඉන්දියාවට එහි නිත්‍ය අසුනක් ලබා දිය යුතු බවට පෘතුගාලය, ඇන්ගෝලාව ඇතුළු රටවල් ද සහාය පළ කර තිබුණි. අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව, මැදපෙරදිග සහ ආසියාව නියෝජනය කිරීමට ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කළ යුතු බවත්, ලබන වසරට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි සංවත්සරයේදී අවම වශයෙන් ඉන්දියාවට, බ්‍රසීලයට සහ තෝරාගත් අප්‍රිකානු රටකට ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය පිරිනැමිය යුතු බවටත් චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් යෝජනා කර තිබේ.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00