2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

2024 නොබෙල් තරු නම් කෙරෙයි!

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 174

2024 භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය John J. Hopfield සහ Geoffrey E. Hinton වෙත 2024 ඔක්තෝබර් 8 වැනි දින ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදී පිරිනමන ලදී. කෘත්‍රිම ස්නායුක ජාලයක් භාවිතයෙන් යන්ත්‍ර ඉගෙනීමේ මූලික කාර්යයන් අධ්‍යයනය සඳහා ඔවුහු ඇගයීමට ලක් වූහ.

2024 රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ප්‍රෝටීන් විද්‍යාව සඳහා ඔවුන්ගේ පෙරළිකාර දායකත්වය වෙනුවෙන් ඩේවිඩ් බේකර්, ඩෙමිස් හසාබිස් සහ ජෝන් ජම්පර් වෙත 2024 ඔක්තෝබර් 9 දින ප්‍රදානය කරන ලදී.
ස්වීඩන් රාජකීය විද්‍යා ඇකඩමිය විසින් බේකර් පරිගණක ආශ්‍රිතව ප්‍රෝටීන් නිර්මාණය සඳහා සම්මාන ලද අතර හසාබිස් සහ ජම්පර් ප්‍රෝටීන් ව්‍යුහයන් ආශ්‍රිත අනාවැකි පැවසීමේ අධ්‍යයනයන් සඳහා සම්මානයට පාත්‍ර වූහ. Demis Hassabis සහ John Jumper විසින් දන්නා සියලු‍ම ප්‍රෝටීනවල ව්‍යුහය පුරෝකථනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය සාර්ථකව භාවිත කර තිබුණි. ඩේවිඩ් බේකර් මෙම ප්‍රෝටීන පාලනය මෙන්ම සම්පූර්ණයෙන්ම නව ප්‍රෝටීන නිර්මාණය කරන්නේ කෙසේදැයි යන්න ප්‍රගුණ කර ඇත.

2024 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් වෙත ප්‍රදානය කරන ලදී. මයික්‍රො ආර්එන්ඒ, පිළිබඳ ඔවුන්ගේ පෙරළිකාර සොයා ගැනීම සහ පශ්චාත් පිටපත් කිරීමේ ජාන නියාමනය තුළ එහි තීරණාත්මක කාර්යභාරය හඳුනා ගැනීම වෙනුවෙන් ඔවුන්ට මේ ත්‍යාගය ලැබුණි. 1980 ගණන්වල අග භාගයේ ආරම්භ වූ ඔවුන්ගේ පර්‌යේෂණය, Caenorhabditis elegans නම් වට පණුවන් කෙරෙහි යොමු විය. මයික්‍රො ආර්එන්ඒ මගින් ජාන ප්‍රකාශනය නියාමනය කළ හැකි ආකාරය, සෛලීය හැසිරීම් සහ වර්ධනය කෙරෙහි බලපෑම් කරන ආකාරය ඔවුහු හඳුනා ගත්හ. මෙම සොයා ගැනීම පිළිකා සහ ජානමය ආබාධ ඇතුළු විවිධ සෞඛ්‍ය අභියෝග අවබෝධ කර ගැනීම සඳහා සැලකිය යුතු බලපෑමක් කරනු ඇත. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය 2024, නොබෙල් සාම ත්‍යාගය 2024 සහ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඉදිරි දිනවලදී පිරිනැමීමට නියමිතය.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00