එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ තරගයේ අවසන් සති කිහිපය ළඟා වෙද්දී උප ජනාධිපති කමලා හැරිස් ඡන්දදායකයන් වෙත ආකර්ශනය වීමේ උත්සාහයක් ලෙස විශාල හා කුඩා මාධ්‍ය ආයතන වෙත සම්මුඛ සාකච්ඡා ලබා දෙමින් සිය මාධ්‍ය සංදර්ශනය වේගවත් කර ඇත.
ජනාධිපති ධුරය සඳහා වූ ඇගේ ව්‍යාපාරයේ මුල් අවධියේදී, හැරිස් ප්‍රධාන මාධ්‍ය සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විවේචනවලට මුහුණ දුන්නේය. ඇය ජූලි 21 වැනිදා සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ අතර, එය මාසයකට වැඩි කාලයකට පසුව, එනම් අගෝස්තු 29 වැනිදා, සිය ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමෙන් පසු පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ලබා දුන්නාය.
ඩිමොක්‍රටික් අපේක්ෂිකාව ගැන වැඩි විස්තර දැන ගැනීමට ඡන්දදායකයන් අතර දැඩි ආශාවක් පවතින බව සමීක්ෂණ මගින් පෙන්වා දී තිබුණේ මේ අතරය. නිව්යෝර්ක් ටයිම්ස් සහ සියෙනා කොලීජිය සැප්තැම්බර් මාසයේ කළ මත විමසුමකින් ද පෙන්නුම් කළේ ඡන්දදායකයන්ගෙන් සියයට 28 ක් හැරිස් ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය යැයි සිතන බවයි. ඒ අනුව ඇය සිය ප්‍රචාරක කටයුතු දැන් නව ජවයකින් අරඹා තිබේ. ඇය ගිය අඟහරුවාදා, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරකු වූ ප්‍රවීණ විචාරක හොවාර්ඩ් ස්ටර්න් හට මෙන්ම The Late Show With Stephen Colbert, සහ The View යන රූප මාධ්‍යයන්ට පවා එක දිගට සම්මුඛ සාකච්ඡා ලබා දුන්නේය.