දශකයකට පසු ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීමෙන් මාස හතරකට පසු, අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) උතුරු හර්යානා ප්‍රාන්තයේ ජය වාර්තා කළේය. ඒ අනුව එහි තෙවැනි පාලන වාරය ඔවුන් දිනාගත් අතර ඉන්දීය පාලිත කාශ්මීරයේ දී ද එහි හොඳම කාර්ය සාධනය වාර්තා කළේය.
මේ අනුව වත්මන් මහ ඇමැති නයාබ් සිං සයිනි ඇතුළු හර්යානා ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂ නායකයන් කිහිප දෙනකුට සිය තනතුරු රඳවා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ තිබේ.
අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද මෙම උතුරු ප්‍රාන්ත දෙකේ මැතිවරණ ප්‍රතිඵල ද 2014 සිට ඉන්දියාවේ මැතිවරණ දේශපාලනය මත භාරතීය ජනතා පක්ෂය පවත්වන ආධිපත්‍යය අවසන් කිරීමට විරුද්ධ කොංග්රස් පක්ෂය ගන්නා උත්සාහයට සැලකිය යුතු පසුබෑමක් නියෝජනය කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොංග්‍රසය විසින් මෙහෙයවන ලද විපක්ෂයේ ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානය (INDIA) ආසන 234 ක් දිනාගත් අතර, එහි ප්‍රතිඵල ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී ආසන 240 ක් දිනාගත් භාරතීය ජනතා පක්ෂයට බහුතරය 272 ක් ලබා ගැනීමට හිතවත් කුඩා පක්ෂ මත විශ්වාසය තැබීමට සිදු විය.
එහෙත් පසුගිය දා හර්යානාහි, පූර්ව මත විමසුම් අනාවැකි නොතකා ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයට එරෙහි පොදු ජන කෝපය මධ්‍යයේ වුවද කොංග්‍රසය මැතිවරණය පරාජයට පත් විය. එසේම, 2019 අගෝස්තු මාසයේදී නවදිල්ලිය මෙම කලාපයේ ස්වාධීනත්වය ඉවත් කිරීමෙන් පසු එහි පළමු ව්‍යවස්ථාදායක මැතිවරණයට මුහුණ දුන් ජම්මු සහ කාශ්මීරය තුළ එහි නරකම කාර්ය සාධනය වාර්තා කිරීමට ඉන්දියාවේ පැරණිම පක්ෂය වන කොංග්‍රසයට සිදුවිය. කෙසේ වෙතත්, කාශ්මීරයේ මීළඟ ආණ්ඩුවේ කොංග්‍රසයට තවමත් කොටස්කාරයකු විය හැකි වනු ඇත. ඒ එහි කලාපීය සන්ධාන හවුල්කරු වන ජාතික සම්මේලනය (NC), BJP අභිබවා මීළඟ පරිපාලනය මෙහෙයවීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව සුරක්ෂිත කරගෙන ඇති නිසාය.
තවත් ප්‍රධාන ප්‍රාන්ත හතරක් - ජාතික අගනුවර වන දිල්ලි, බටහිරින් මහාරාෂ්ට්‍ර සහ නැගෙනහිරින් බිහාර් සහ ජාර්කන්ඩ්, මාස කිහිපයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. කොංග්‍රසයේ කොන්වීමේ තරම මෙන්ම මෝදි සිය ජනකාන්ත බව රැක ගනිමින් බලය තහවුරු කරගෙන ඇති තරම යන දෙකම මේ ප්‍රතිඵල අනුව මනාව නිගමනය වනු ඇත.