2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

කෘත්‍රිම බුද්ධිය සේවකයන් 500ක් ගෙදර යවයි!

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 66

කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් ලොව මුල්වරට 500 දෙනකුගේ රැකියා අහිමිව තිබේ. මෙම නව තාක්ෂණයට යොමුවීමේ අරමුණ ඇතිව මැලේසියාවේ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය සැලකිය යුතු ආකාරයෙන් අවම කිරීමට එම සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු බයිට්ඩාන්ස් සමාගම පියවර ගෙන ඇත.

කෘත්‍රිම බුද්ධියට හුවමාරු වීමේ පුළුල් සැලැස්මකට අනුව එම සේවක කප්පාදුව සිදු කරන බවත්, ගෝලීය වශයෙන් තවත් සේවකයන් විශාල පිරිසක් රැකියාවෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ. ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියට අනුව ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ලොව පුරා නගර 200 කට වඩා ව්‍යාප්ත වී ඇති අතර, එහි සේවක සංඛ්‍යාව ලක්ෂයකට අධික බවද වාර්තා වේ.