අන්කාරා ආසන්නයේ තුර්කි අභ්‍යවකාශ සමාගමකට එල්ල වූ ප්‍රහාරයකින් පස් දෙනකු මිය ගොස් 22 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ රට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යෙර්ලිකායා එය “ත්‍රස්තවාදී ප්‍රහාරයක්” ලෙස හඳුන්වන අතර එයට PKK කුර්දි කැරලිකාර කණ්ඩායම “බොහෝ දුරට සම්බන්ධ” විය හැකි බව කියා තිබුණි. ඔහු පැවසුවේ සැකකරුවන් දෙදෙනකු ”බල රහිත” කළ බවයි. ප්‍රහාරයට ගොදුරු වූ තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ආයතනයේ (TAI) වෙබ් අඩවියේ ප්‍රචාරය වන CCTV දර්ශන වලින් දැක්වෙන්නේ ගොඩනැගිල්ල තුළ මිනිසකු තුවක්කුවකින් වෙඩි තබන ආකාරයයි. TAI යනු අන්කාරා සිට වයඹ දෙසින් 17 සැතපුම් (28km) පමණ දුරින් Kahramankazan හි පිහිටි රජයට අයත් ආයුධ සහ අභ්‍යවකාශ තාක්ෂණ ආයතනයකි.