ජපානයේ අගමැති ලෙස ෂිගේරු ඉෂිබා එරට පාර්ලිමේන්තුවේ දෙවැනි ඡන්ද විමසීමෙන් පසු පත්ව සිටියි.
හිටපු ආරක්ෂක ඇමැතිවරයා ද වන ෂිගේරු ඉෂිබා එරට දීර්ඝතම කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ෂින්සෝ අබේ ඇතුළු ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයන් විවෘතව විවේචනය කිරීම හේතුවෙන් ජපාන දේශපාලනයේ කීර්තියට පත්වූවෙකි.
පසුගියදා පැවැති ජපාන පාර්ලිමේන්තු සැසියේදී සිය ප්‍රධාන ප්‍රතිවාදියා වන ජපාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාදායක පක්ෂයේ නායක යොෂිහිකෝ නෝඩා පරාජයට පත් කරමින් සිය ධුරය තවදුරටත් තහවුරු කර ගැනීමට ඉෂිබාට හැකිව ඇත. කෙසේ වුවද සුළුතර රජයක අගමැති ධුරය දැරීමෙන් ඉදිරියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ඕනෑම පනතක් හෝ අයවැයක් ජයග්‍රහණය කිරීමේ අභියෝගයට ඔහු මුහුණ දී සිටියි.