2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

මෙවර බුකර් සම්මානය පුංචි විද්‍යා ප්‍රබන්ධයකට!

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

මෙවර අන්තර්ජාතික බුකර් සම්මානය පිරිනැමී ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ කතාවකටය. ඒ බ්‍රිතාන්‍යයේ ප්‍රකට ලේඛිකාවක වන සමන්තා හාර්වේගේ ‘ඕබිටල්’ නමැති ප්‍රබන්ධ නවකතාවටය. බුකර් සම්මාන ඉතිහාසයේ අභ්‍යවකාශය ඇසුරින් රචිත කෘතියක් ඇගයීමට ලක්වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තාගත වේ.

‘ඕබිටල්’ කෘතිය පිටු 136 කින් සමන්විතය. එවැනි කෙටි නවකතාවක් බුකර් සම්මානයට පාත්‍ර වූයේ වසර 45 කට පසු මුල්වරට වීමද මෙහි විශේෂත්වයකි. මීට පෙර 1979 දී බුකර් සම්මානය හිමිකරගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික පෙනිලොප් ෆිට්ස්ජෙරල්ඩ් විසින් රචිත Offshore කෘතිය පිටු 132 ක නවකතාවකි. එසේම වසර 5 කට පසු මේ විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ලේඛිකාව වන්නේද ඇයයි. මීට පෙර අවසන් වරට ලේඛිකාවන් හට සම්මානය ලැබුණේ 2019 දීය. ඒ කැනේඩියානු ලේඛිකා මාගරට් ඇට්වුඩ්ගේ The Testaments සහ බ්‍රිතාන්‍ය ජාතික බර්නඩින් එවරිස්ටෝගේ Girl, Woman, Other කෘති 2 අතර එය සමසේ බෙදී යාමෙනි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන ඇමෙරිකානු, රුසියානු, ඉතාලි, බ්‍රිතාන්‍ය හා ජපාන ගගනගාමීන් 6 දෙනකු විසින් පැය 24 ක් ඇතුළත පැයට සැතපුම් 17,000 ක වේගයෙන් පෘථිවිය වටා 16 වාරයක් ගමන් කරමින් ලැබූ අත්දැකීම් මේ විද්‍යා ප්‍රබන්ධයට ඇතුළත් වේ.

බුකර් සාහිත්‍ය සම්මානය සමඟ 49 හැවිරිදි සමන්තා හට පවුම් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද හිමිවිය. ඇය කියා තිබුණේ මේ මුදලින් අලු‍ත්ම බයිසිකලයක් ගන්නා බවය.

 

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00