2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

CO₂ කන රොබෝවක්

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 64

ඇමෙරිකානු සමාගමක් වන Applied Carbon විසින් කෘෂිකාර්මික අපද්‍රව්‍ය ජෛව කාබන් බවට පරිවර්තනය කිරීමෙන් CO₂ ග්‍රහණය කරන කෘෂිකාර්මික රොබෝවක් නිපදවා ඇත. ඒ දශක ගණනාවක් තිස්සේ කාබන් ගබඩා කළ හැකි ද්‍රව්‍යයක් වන ජෛව අඟු‍රු biochar බවට හැරවීමෙනි.

ඇමසන් ද්‍රෝණියේ වසර 2,000 කට වැඩි කාලයක් තිස්සේ භාවිත කරන ලද, මුතුන් මිත්තන්ගේ තාක්ෂණයකින් නව පණ ලත් මේ ක්‍රියාවලිය දැන් කාර්මිකකරණය වී ඇති අතර එමගින්, විමධ්‍යගත දැවැන්ත CO₂ ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට හැකි බව කියයි. රොබෝවරයා කෙළින්ම ගොවිපොළ වෙත ගමන් කරයි. ඒ මගින් අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ පිරිවැය සහ කාබන් පිය සටහන ද අඩු කරයි. ක්ෂේත්‍රයේ ඇති ජෛව ස්කන්ධ ජෛව අඟු‍රු බවට පරිවර්තනය කිරීමෙන්, තාක්ෂණය පස ප්‍රතිජනනයට දායක වන අතරම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ප්‍රශස්ත කරයි. කාබන්ඩයොක්සයිඩ් (CO₂) ගෝලීය උණුසුම සඳහා වගකිවයුතු ප්‍රධාන වායුවක් වන අතර වායුගෝලයේ එහි වැඩිවන සාන්ද්‍රණය උෂ්ණත්වය ඉහළ යාම, කාලගුණික රටා වෙනස් කිරීම සහ සාගර ආම්ලිකකරණය වැනි අහිතකර බලපෑම් ඇති කරයි.