2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ලොව වයස්ගතම පක්ෂී ධේනුව 74 දී බිත්තර දමයි!

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 111

ලොව වයස්ගතම කැලෑ කුරුල්ලා Laysan albatross, විශේෂයට අයත්ය. ‘විස්ඩම්’ නමැති ඇය පසුගියදා අවුරුදු 74 දී බිත්තරයක් දැමූ අතර එය රැකබලා ගන්නේ ඇගේ නවතම සහකරුය. ‌මේ ජෝඩුව සමඟ බිත්තරය එක්සත් ජනපද මත්ස්‍ය හා වනජීවී සේවය (යූ.එස්.එෆ්.ඩබ්ලිව්.එස්) විසින් පැසිෆික් සාගරයේ මිඩ්වේ ඇටෝල් ජාතික වනජීවී රැකවරණයේදී රූගත කර අන්තර්ජාලය කළඹන පුවතක් ලෙස බෙදා හැර තිබේ.

මෙම විශේෂයේ සාමාජිකයන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ අවුරුදු 12-40 ක් පමණි. නමුත් ‘විස්ඩම්’ නමැති ඇය 1956 දී හඳුනා ගැනීම සඳහා ටැග් කරන ලද්දේ ඇයට වයස අවුරුදු පහක් පමණ වන විටය. ඇගේ අවසන් දරුවන් බිහිකර ඇත්තේ 2021 දීය.

මේ අනුව ඇගේ ජීවිත කාලය තුළ ඇයට පැටවුන් 30 කට වඩා ලැබී ඇති බව සැලකේ. ඇය මෙම වසරේ නව හවුල්කරුවකු සමඟ සිටි අතර ඇගේ පෙර සහකරු අකේකාමායි වසර කිහිපයක් තිස්සේ දක්නට ලැබී නැත. මෙම විශේෂය සාමාන්‍යයෙන් ජීවිත කාලය පුරාම තනි සහකරුවකු සමඟ වෙසෙන නමුත් ඇය දැනටමත් අවම වශයෙන් සහකරුවන් තිදෙනකුවත් ඉක්මවා ගොස් ඇතැයි සැලකේ. ජීව විද්‍යාඥයන් ඇගේ වයසට ආසන්න වෙනත් සරු පක්ෂීන් ගැන නොදැන සිටින අතර, දැනට දන්නා වයස්ගතමයාට 45 ක් විය. විස්ඩම් යනු අභිජනනය සඳහා මිඩ්වේ වෙත ගමන් කරන ලයිසන් ඇල්බට්රොස් පක්ෂීන් මිලියන දෙක තුන අතරින් එකෙකි.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00