2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

නත්තල් උදාවේ ඉතිහාසගත වූ සූර්ය ගවේෂණ යානය!

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

මිනිසා අතින් තැනූ ලොව වේගවත්ම වස්තුව ලෙස විරුදාවලි ලත් නාසා සූර්ය ගවේෂණ යානය මෙවර නත්තල් උදාව ඉතිහාසගත කළ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ සූර්යයාට වඩාත්ම ළං වූ මිනිසා විසින් සාදන ලද වස්තුව බවට පත් වීමෙනි.

2021 දී සූර්යයා ගවේෂණය සඳහා පිටත්ව ගිය මෙම පාකර් සූර්ය ගවේෂණ යානය Parker Solar Probe, සූර්යයාගේ කොරෝනා හෙවත් පිටත වායුගෝලය තුළ පියාසර කළ පළමු අභ්‍යවකාශ යානය බවට පත් විය. එය මෙදා නත්තල දා සූර්යයාගේ මතුපිට සිට සැතපුම් මිලියන 3.8 ක් ආසන්නයට ළඟා වෙමින් අන්තිම වරට 2024 නොවැම්බර් 6 වැනිදා මීට කලින් සූර්යයා ළඟට ළං වෙමින් තමන්ම තැබූ වාර්තාව බිඳ හෙළීය.

එම කෙටි පියාසැරිය අතරතුර, 1,800 ක් දක්වා තරම් වූ සුපිරි උණුසුමක් සහිත සූර්යයාගේ පිටත වායුගෝලය වන කොරෝනාව හරහා, පැයට සැතපුම් 430,000 ක වේගයකින් ගමන් කරමින්, සාමාන්‍ය මෝටර් රථයක ප්‍රමාණයේ මේ ගවේෂණ යානය සූර්යයා ‘ස්පර්ශ’ කළේ විද්‍යාඥයන්ට අපේ තාරකාව වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහාය. එහි විනාශ කළ නොහැකි තාප පලිහ ආධාරයෙන් එය සූර්යයාගේ සුපිරි උණුසුම් පිටත වායුගෝලය කොරෝනා හරහා ගමන් කළේය. 2025 දී අවසන් වීමට නියමිත මෙම මෙහෙයුම් කාලය තුළ දී මෙබඳු සූර්යයාට ආසන්නතම ගමන් වාර 24 ක් සම්පූර්ණ කිරීමට යානය බලාපොරොත්තු වේ.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00